ඒ අනුව, වෛරසයේ බලපෑමෙන් මිය යා නොදී මෙරට ජනතාව බේරා ගැනීමට හැකි වූ බවත්, එහෙයින් සමාජයීය පැතිරීම වළක්වාගැනීමට හැකි වූ බව ද ඒ මහත්මිය ප්‍රකාශ කර සිටියාය.
සමාජයීය වශයෙන් වෛරසය පැතිරීම යම් තාක් දුරකට වැළක්වී ඇති නිසාත්, මසයකට ආසන්න වූ කාලයක් ඇඳිරිනීතිය පනවා ශ්‍රී ලංකාව නවත්වා ගැනීමෙන් මෙරට ආර්ථිකයට විශාල වශයෙන් ගැටළු සහගත තත්ත්වයකට පත්වෙමින් තිබෙන නිසාත්, රටේ ආර්ථිකය පිළිබඳ ව ද සිතිය යුතු හෙයින් ශ්‍රී ලංකාව නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට කාලය එළැඹ ඇති බව ද ප්‍රකාශ කර සිටියේය.