මාර්තු 14, 2025
tami eng youtube  twitter facebook

    ලංගම බස්රථ 5000ක් හා දුම්රිය ගමන්වාර 400ක් ⁣අප්‍රෙල් 20 දායින් පසුව- ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ මාර්ගෝපදේශ යටතේ

    අප්‍රේල් 18, 2020

    ලංගම බස් රථ 5000ක් හා දුම්රිය ගමන්වාර 400ක් ⁣අප්‍රෙල් 20 දායින් පසුව ගමනා ගමනයට එක් කිරිමට ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ (17) අමාත්‍යාංශයේ නිලධාරින්හට උපදෙස් ලබාදී තිබේ.

    පොදු ප්‍රවාහන සේවා කටයුතු සඳහා යෙදවීමට කටයුතු යොදා ඇති අතර සියලු පොදු ප්‍රවාහන කටයුතු ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ විසින් ලබා දී තිබෙන මාර්ගෝපදේශන යටතේ ක්‍රියාත්මක කිරීමට වගබලා ගන්නා ලෙසත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් නිලධාරින්හට උපදෙස් දෙනු ලැබීය.

    කොවිඩ් 19 වසංගතය නිසා මෙතෙක් අත්හිටුවා තිබු රාජ්‍ය හා පුද්ගලික අංශයේ වැඩ කටයුතු මෙම මස 20න් පසුව අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට රජය විසින් තීරණය කර තිබෙන අතර ඒ අනුව සේවා ස්ථාන සඳහා පැමිණෙන කාර්ය මණ්ඩලවල පහසුව සැලසීමට පොදු ප්‍රවාහණ සේවා යළිත් සුපුරුදු පරිදි යෙදවීමට ප්‍රවාහණ කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    සේවය සඳහා වාර්තා කරන කාර්යාල මණ්ඩල ප්‍රවාහණය සඳහා යොදවා තිබෙන කාර්ය මණ්ඩලවල ආරක්ෂාවට අවශ්‍ය මුඛ ආවරණ සියලු දෙනාට සපයන ලෙසත්, විෂබීජානුහරණයට අවශ්‍ය විෂබීජ නාශක ලංකා ඛනිජතෙල් සංස්ථාවෙන් ලබා දිය හැකි බවත් අමාත්‍යවරයා කීය.

    එමෙන්ම කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවලට දුරබැහැර සිට එළවළු පලතුරු ඇතුළු ආහාර ද්‍රව්‍ය ප්‍රවාහණයේ දී පවතින දුර්වලතාවයන්ට විසඳුමක් වශයෙන් දුම්රිය යොදා ගැනීම සම්බන්ධව අමාත්‍යවරයා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසීය.

    කිසියම් පාර්ශ්වයක් ඒ සඳහා ඉල්ලීමක් කරන්නේ නම් එම ද්‍රව්‍ය ප්‍රවාහණය සඳහා බලවේග දුම්රිය කට්ටල ලබා දිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya