මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook

    පාරිභෝගිකයා අපහසුතාවයකට ලක් නොවන ආකාරයෙන් විදුලි බිල ගණනය කිරීමක් සිදු කරනවා

    අප්‍රේල් 18, 2020

    කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මාසික විදුලි බිල මේ දක්වා නිකුත් කිරීමක් සිදු නොවුනද එය පාරිභෝගිකයා අපහසුතාවයකට ලක් නොවන ආකාරයෙන් විදුලි බිල ගණනය කිරීමක් සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඩී.ඩී.කරුණාරත්න මහතා රජයේ නිල වෙඩ් අඩවිය කළ විමසුමක දී පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා පැවසුවේ, ජනවාරි හා පෙබරවාරි මාසයන්හි මාසික විදුලි බිල පාරිභෝගිකයා වෙත ලබා දී ඇති අතර මේ වන විට මාර්තු මාසයේ මැද භාගයේ සිට විදුලි බිල නිකුත් කිරිමට නියමිත ව ඇති බවය.

    කෙසේ වුවද, අප්‍රේල් මස 20 වන දින සිට දෛනික රාජකාරි ආරම්භ කිරීමට රජය පියවර ගතහොත් අප්‍රේල් මාසයේ විදුලි බිල නිකුත් කිරිමට හැකි වනු ඇතැයි ඩී.ඩී.කරුණාරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya