මාර්තු 14, 2025
tami eng youtube  twitter facebook

    සමාජ ප්‍රතිලාභ ලබාදීමට ග්‍රාමීය කමිටු ක්‍රියාත්මක වේ

    අප්‍රේල් 19, 2020

    COVID-19 වෛරස තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සමාජ ප්‍රතිලාභ ලෙස රුපියල් 5000 ක මුදල් ප්‍රදානය කිරීම සදහා ග්‍රාමිය කමිටු ක්‍රියාත්මක වෙමින් පවතින බව කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

     

    විශේෂයෙන් අත්‍යාවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම, මෙහෙයවීම සම්බන්ධීකරණය හා පසුවිපරම පිණිස වූ ජනාධිපති කාර්යසාධන බලකායේ නියමයන්ට අනුකූලව නිර්දේශ කර ඇති ක්ෂේත්‍රයන් වන

    01. පෙරපාසල් ගුරුවරුන්

    02. පෞද්ගලික බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්

    03. රජයේ සේවයේ නොයෙදෙන ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්

    04. හස්ත කර්මාන්තකරුවන්

    05. අත් යන්ත්‍ර පේෂ කර්මාන්තකරුවන්

    06. උසාවි මගින් නඩත්තු දීමනා ලබන කාන්තාවන්

    07. ආදායම් අහිමි කුඩා තේවතු හිමියන්

    08. ප්‍රාදේශීය මාධ්‍යවේදීන්

    යන රැකියා කාණ්ඩ සදහා එම රුපියල් 5000 දිමනාව ලබාදෙනු ඇත.

    ඒ අනුව ඉහත සදහන් කණ්ඩායම් ලියාපදිංචි වී සිටින රාජ්‍ය හා පළාත් මට්ටමේ ආයතන වලින් ලබාගත් නාමලේඛණ මේ වන විට කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය විසින් ග්‍රාමීය කමිටුව වෙත ලබාදීමට කටයුතු කර ඇත. මීට අමතරව ග්‍රාමීය කමිටුවේ නිර්දේශයන් මත ග්‍රාමීය කර්මාන්ත ක්ෂේත්‍රයේ නිරත වන්නන්, ග්‍රාමීය මට්ටමේ සේවා සපයන්නන් සහ ග්‍රාමීය අලෙවිකරණයේ යෙදෙන්නන් සදහා මෙම රුපියල් 5000 දීමනාව ලබාදීමට ද රජය තීරණය කර ඇති බව කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය අවධාරණය කරයි.

    මෙහිදී තමාගේ සේවාවන් සදහා ලියාපදිංචි වී ඇති ස්ථාන වෙතින් බැහැරව වෙනත් ස්ථානයක පදිංචි වී සිටී නම් එම පුද්ගලයින්ට ද දැනට පදිංචි ප්‍රදේශයෙහි සිට මෙම සමාජ ප්‍රතිලාභ මුදල් ලබාගැනීමට හැකියාව තිබේ. එ් සදහා තමන්ගේ වෘත්තීය ලියාපදිංචි අනන්‍යතාවය සහ පදිංචිය සනාථ කර ග්‍රාමීය කමිටුව වෙත තම ඉල්ලීම ඉදිරිපත් කළ යුතු බවත්, මෙම වැඩපිළිවෙල දිවයිනේ සෑම ග්‍රාමසේවා වසමකම පිහිටුවා ඇති ග්‍රාමිය කමිටු හරහා ක්‍රියාත්මක වන බවත් කාන්තා, ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය අවධාරණය කර සිටියි

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya