මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    අලුත් සොයාගැනීම් ඔස්සේ නැවත විමර්ශන - පාස්කු ප්‍රහාරයෙන් පසු යම් දිනක නැවත බෝම්බ මාලවක් සිදු කිරීමට සැලසුම් කර තිබූ බව හෙළිවෙයි- පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    අප්‍රේල් 19, 2020

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අලුත් සොයාගැනීම් ඔස්සේ නැවත විමර්ශන ආරම්භ කර තිබෙන බවත්  පළමු පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු යම් දිනක නැවත බෝම්බ මාලවක් සිදු  කිරීම සඳහා සැලසුම් කර  තිබූ බව විමර්ශනවල දී හෙළි වී තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා අනාවරණය කරයි.

    අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති මාධ්‍ය හමුවේ අඳහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරය මේ බව හෙලි කළේ ය.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය සිදු කෙරෙන අතර තුර අත් අඩංගුවට ගන්නා සැකකරුවන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස විවේචනය කිරීම් හා කතිකා අතිව තිබූ බවත් අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශන කටයුතු ඉතාමත් වගකීමෙන් යුතුව ඉටු කරන බව කීය.

    එහිදී තවදුරටත් කරුණු පැහැදිළි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා:

    පාස්කු ප්‍රහාරයෙන් ජීවිත ගණනාවක් අහිමි වුණා. සිය ගණනක් ආබාධ වුණා. ඉතා ඛේදනීය තත්ත්වයකට පත් කළ යම් කිසිවෙක් ඉන්නවා නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා  පොලීසියේ පරම යුතු කම වෙනවා.

    මේ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සියලු පරීක්ෂණ නව මුහුණුවරක් ඔස්සේ සිදු කරගෙන යන්නේ. ප්‍රමාණවත් සාක්ෂිමතයි අත් අඩංගුවට ගැනීම් කර තිබෙන්නේ. තිබෙන චෝදනා  ප්‍රතික්ෂේප කරනවා.

    විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා, යම් යම් සංවිධාන ඇති කරල, එම සංවිධානවලට නායකත්වය දෙමින් කටයුතු කළ තැනැත්තන් පිළිබඳව.මේ සංවිධානවලට මුදල් සැපයූ අය ඉන්නවා,  නායකත්වය දුන් අය ඉන්නවා.

    වර්තමානය වන විට අනාවරණය වී තිබෙනවා, අත් අඩංගුවට පත් සැකකරුවන් පිළිබඳ විමර්ශන ඔස්සේ, අනවරණය කරගෙන තිබෙනවා, බුද්ධි අංශ නොමඟ යැවීම සඳහා බෙදී වෙන්වීමක් හුවා  දක්වා තිබෙන බව.ඒ ඔස්සේ විමර්ශන වෙනතකට යොමු කිරීමට උත්සහ ගෙන තිබෙනවා. අලුත් සොයාගැනීම් ඔස්සේ නැවත විමර්ශන ආරම්භ කර තිබෙනවා. මේ රටේ පළමු පාස්කු බෝම්බ  ප්‍රහාරයෙන් පසු යම් දිනක නැවත බෝම්බ මාලවක් සිදු කිරීම සඳහා සැලසුම් කර තිබූ බව විමර්ශනවලදී හෙළි වී තිබෙනවා. එම සැලසුම් ව්‍යාර්ථ කිරීමට විමර්ශනවලට හැකි වී තිබෙනවා. ඒ  පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. විමර්ශන පුළුල්ව සිදුකරගෙන යනවා. පුද්ගලයන් හෝ වෘත්තීන් ඉලක්ක කරගෙන සිදු කරගෙන නෑ යැයි ද ජාලිය සේනාරත්න මහතා  පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya