මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    Covid 19 හේතුවෙන් යම් පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමකගේ ජීවනෝපාය අහිමි වී තිබෙනවා නම්,ඒ සියලු දෙනට ප්‍රතිලාභ ලබාදීම රජයේ අරමුණයි

    අප්‍රේල් 19, 2020

    රට පුරා ජනතාවට සමාජ ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන මේ වනවිට ක්‍රියාත්මකව පවතින බවත් මේ වැඩපිළිවෙල යටතේ සුදුසුකම් ලබා මේ දක්වා ප්‍රතිලාභ නොලබුණු පුද්ගලයන්ට හෙට (20)  සහ 21 දින ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ පැවසුවේ අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේ දී ය.

    මේ වනවිට රට පුරා ජනතාවට සමාජ ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මකව පවතිනවා.විශේෂයෙන් ම ජීවනෝපය අහිමි වූ පුද්ගලයන්ට සහනාධර වැඩපිළිවෙල දීර්ඝ කරලා රජය විසින්  මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් තිබෙනවා.

    මේ වැඩපිළිවෙල යටතේ සුදුසුකම් ලබා මේ දක්වා ප්‍රතිලාභ නොලබුණු පුද්ගලයන්ට හෙට (20) සහ 21 දින ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරනවා. අදාළ නිලධාරීන් නිවෙස් වෙතට ම ගොස් එම ප්‍රතිලාභ ලබාදීමට කටයුතු සූදානම් කර තිබෙන්නේ. රුපියල් 5000 දීමනාව ලබන කණ්ඩයම රැස් කරන්න සිදු වුණොත් ඒ කැද්වන අයත් ප්‍රතිලාභීන් වගබලා ගත යුතුයි, කොවිඩ් වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ලබා දී තිබෙන සියලු ආරක්ෂණ  පියවර අනුගමනය කරමින් කටයුතු සංවිධානය කර ගන්න. පුද්ගල දුරස්ථභාවය සෑම අවස්ථාවකම තබා ගත යුතුයි. ප්‍රතිලාබ ලබාගැනීමට පැමිණෙන පිරිස් කුඩා කණ්ඩායම් වශයෙන් සංවිධානය  කර ගන්නා ලෙස ද ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරල්වරයා ඉල්ලා සිටියේ ය

     

    මෙහිදී අඳහස් දැක් වූ නාලක කලුවැව මහතා;


    රජයේ අරමුණ වන්නේ, කොවිඩ් වසංගතය හේතුවෙන් යම් පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමක ගේ ජීවනෝපාය අහිමි වී තිබෙනවා නම්,ඒ සියලු දෙනට ප්‍රතිලාභ ලබාදීමයි. ප්‍රායෝගික තත්ත්වයන් මත ඉදිරි දිනවල නිරීක්ෂණය කළ හොත් මෙම ව්‍යවසනය හේතුවෙන් ම තවදුරටත් ජීවනොපාය අහිමි වී සිටින කණ්ඩායම් ද මේ වැඩසටහනට ඇතුළත් කරමිනැතුළත්  කළ යුතු කණ්ඩායම් සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගෙන 22දා වන විට එම කණ්ඩායම්වලටත් ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරනවා. ප්‍රතිලාභ ලබන ජනතාවගෙන් විශේෂයෙන් ම ඉල්ලා  සිටීමට තිබෙන්නේ,අනවශ්‍ය කලබලයකට පත් නොවී පීඩාවකට පත් නොවී ඉතාමත් ඉවසීමෙන් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන රාජ්‍ය නිලධාරීන්ට සහයෝගය ලබාදී කටයුතු කරන්න  කියලයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya