මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදූ බස් රථවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට උපදෙස්- අමාත්‍ය මහින්ද අමරවීර

    අප්‍රේල් 20, 2020

    ඇදිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශයන් හි ධාවන සඳහා යොදා ඇති බස් රථවලට ලබාදුන් සෞඛ්‍ය උපදෙස් නොපිළිපදිමින් මගින් ප්‍රවාහනය සිදුකළ සියලුම බස් රථවල ධාවන බල පත්‍ර අහෝසි කර එහි නීතිය ක්‍රියාත්මක කිරීමට තමා උපදෙස් ලබාදුන් බව ප්‍රවාහන ඇමති මහින්ද අමරවීර මහතා රජයේ නිල පුවත් අඩවිය කළ විමසුමක දී පැවසීය.

     වැඩිදුරටත් ඇමතිවරයා ප්‍රකාශ කළේ, සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින සියලු දෙනාට තරාතිරම නොබලා ඔවුනට විරුදධව නඩු පවරන බවයි. කෙසේ වුවද මහනුවර ප්‍රදේශයේ නිසියාකාරව සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් බස්රථ හා දුම්රිය ධාවනය වන බවත් ඇමතිවරයා සඳහන් කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya