මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    ඉන්දියාවේ පන්ජාබි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 102 අද දිවයිනට

    අප්‍රේල් 23, 2020

    කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන ඒමේ රජයේ වැඩ පිළිවෙල යටතේ ඉන්දියාවේ පන්ජාබි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 102 අද (23) සවස දිවයිනට පැමිණීමට නියමිතය.

    කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ එම පිරිසද නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු යොදා ඇති බවයි.


    විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන ඒමේ රජයේ වැඩ පිළිවෙල යටතේ පළමු කණ්ඩායම පෙරේදා (21) සවස දිවයිනට පැමිණියහ. ඒ අනුව පාකිස්ථානයේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය හැදෑරූ හා පුහුණු කටයුතු සදහා පාකිස්ථානයට ගිය 113 දෙනෙකු දිවයිනට පැමිණියහ.


    ඉන්දියාවේ පන්ජාබි ප්‍රාන්තයේ විශ්ව විද්‍යාල වල සිටින ළමුන් 102 දිවයිනට ගෙන්වා ගැනීම සදහා ශ්‍රී ලංකන් ගුවන් සමාගෙමේ UL 146 ගුවන් යානය යොදවා තිබේ. මීට අමතරව අප්‍රියෙල් 24 වන දින UL 194 ගුවන් යානය කොයිම්බතුර් සිට ශ්‍රී ලාංකිකයන් 117 දෙනෙක් ද UL 1425 කත්මන්ඩු සිට තවත් ශ්‍රී ලාංකිකයන් 93 දෙනෙක්ද දිවයිනට ගෙන ඒමට කටයුතු යොදා තිබේ.


    විදේශ කටයුතු අමාත්‍යංශයේ සම්බන්ධිකරනයෙන් විදේශගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට රැගෙන ඒමේදී ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. පැමිණෙන සියලු දෙනා ඉතා ආරක්ෂිතව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ කටයුතු යොදා ඇති බවද ඇමතිවරයා කියයි.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya