මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි

    අප්‍රේල් 24, 2020

    ‘නව කොරෝනා’ වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 අප්‍රේල් 21 සහ 22 යන දිනයන්හි ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය, මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාව, කොළඹ ජාතික රෝහල සහ කොළඹ ප්‍රදේශයේ බැංකු පරිශ්‍රයන් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.

    නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් මත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය විසින් මෙම විෂබීජහරණ වැඩසටහන් පැවැත්වීමට කටයුතු කරන ලද අතර, වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් එම ආයතනවල සියළුම ස්ථාන ආවරණය වන පරිදි ක්‍රමවත්ව විෂබීජහරණය සිදු කිරීමට කටයුතු කරන ලදි.

    තවද, ඉදිරියේදීද වෛරසය ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා මහජනතාව ගැවසෙන පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya