මහාමාර්ග වල සහ පොදු ස්ථාන වල ගැවසීම අවම කිරීම් සඳහා තම හැඳුනුම්පත් අංකය අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ සේවා ලබාගැනීමට නිවසින් බැහැරවීමේ ක්‍රමවේදයක් හඳුන්වාදෙන ලදී.
සඳුදා. : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 1 හෝ 2 ඇති අය
අඟහරුවාදා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 3 හෝ 4 ඇති අය
බදාදා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 5 හෝ 6 ඇති අය
බ්‍රහස්පතින්දා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 7 හෝ 8 ඇති අය
සිකුරාදා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 9 හෝ 0 ඇති අය
රජය විසින් මෙම කොන්දේසි සහ නීති පනවන්නේ ඔබේම ආරක්ෂාව වෙනුවෙන් බව මම නැවත නැවතත් අවධාරණය කිරීමට කැමැත්තෙමි. මෙම උපදෙස් පිළිපැදීමෙන් ඔබට කොරෝනා වෛරසය ආසාදනය වීමට ඇති අවස්ථා අවම කරනවා මෙන්ම ඒවා කඩකිරීමෙන් මුහුණ පෑමට සිදුවන අපහසුතා මඟහරවා ගත හැක.