පේරාදෙණිය, ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල හිමියෝ ආරක්ෂණ අරමුදල වෙනුවෙන් රුපියල් මිලියනයක මුදලක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දුන්හ.
ලංකා මිනරල් සෑන්ඩ්ස් ආයතනය රුපියල් මිලියන 10ක්, ජේ.එච්.එම්.ටී. අබේසිංහ මහතා සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය රුපියල් මිලියනය බැගින්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් මිලියන 5.4ක්, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම රුපියල් මිලියන 6.2ක් සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය රුපියල් ලක්ෂ 05 ක් අරමුදලට පරිත්‍යාග කළහ.
ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.
දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට හැක