නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටි. කොරෝනා වෛරසය පිටු දැකීම සඳහා නාවික හමුදාව සිදු
කරනු ලබන මෙම වැඩසටහන් සඳහා මහජන චීන සමූහාණ්ඩුව වෙතින් ආරක්‍ෂිත කබා, මුහුණු ආවරණ, අත් වැසුම්, ආරක්‍ෂිත කණ්නාඩි හා පුද්ගල උෂ්ණත්වය මැන බැලීමේ උපකරණ ඇතුලත් සෞඛ්‍යාරක්‍ෂිත ඇදුම් සහ උපකරණ තොගයක් නාවික හමුදාව වෙත ලබා දීම සිදු කරන ලදි. මෙහිදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් එම විෂයන්
නාවික හමුදාව වෙත භාර ගන්නා ලද අතර, මෙම අවස්ථාවට මහජන චීන සමූහාණ්ඩුව නියෝජනය කරමින් සහභාගීවී සිටි මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වෑන් ඩොන්ග් මහතා විසින් මෙම සෞඛ්‍යාරක්‍ෂිත ඇදුම් සහ උපකරණ නාවික හමුදාව වෙත ලබා දෙන ලදි.
තවද, නාවික හමුදාව වෙත මෙම පරිත්‍යාගය සිදු කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාව වෙනුවෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් මහජන චීන සමූහාණ්ඩුව නියෝජනය කරමින් පැමිණි විශේෂිත පිරිස වෙත කෘතවේදීත්වය පලකර සිටින ලදි.