මාර්තු 14, 2025
tami eng youtube  twitter facebook

    වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රය තුළ නිරෝධායන ක්‍රියාවලීන් සහ කෙරෝනා වෛරසය අසාධිත පුද්ගලයින් ප්‍රතිකාර සඳහා යොමු කිරීම තවදුරටත් ක්‍රියාත්මකයි

    අප්‍රේල් 27, 2020

    හුදෙකලා කරන ලද වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රය තුළ නිරෝධායන ක්‍රියාවලීන් සහ කෙරෝනා වෛරසය අසාධිත පුද්ගලයින් ප්‍රතිකාර සඳහා යොමු කිරීම තවදුරටත් ක්‍රියාත්මකයි.

     

    වැලිසර නාවික හමුදා පරිශ්‍රය තුලින් කොරෝනා වෛරසය ආසාදිත නාවික හමුදා පුද්ගලයින් පිරිසක් හමුවීමත් සමඟ එම කඳවුරු පරිශ්‍රය සම්පූර්ණයෙන් හුදෙකලා කිරීමට පියවර ගන්නා ලද අතර, මේ වන විට වෛරසය ආසාධිතයින් හදුනා ගැනීමටත් කදවුරු පරිශ්‍රය සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි විෂබීජ හරණය කිරීමටත් නාවික හමුදාව පියවර ගනිමින් සිටී.

    පසුගිය දිනෙක වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රය තුලින් කොරෝනා වෛරසය ආසාධිත ‍පුද්ගලයින් හඳුනා ගැනීමත් සමඟ ඔවුන් සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයින් ප්‍රමුඛතා ලැයිස්තුවක් මත හදුනාගනිමින් PCR පරීක්‍ෂණ සඳහා යොමු කිරීමටත්, එම පරීක්‍ෂණ මගින් වෛරසය ආසාධනය වී ඇති බවට හදුනාගත් පුද්ගලයින් කඩිනමින් ප්‍රථිකාර කටයුතු සඳහා රෝහල් වෙත යොමු කිරීමටත් මේ වන විට කටයුතු කරමින් සිටී. තවද එම පරීක්‍ෂණ මගින් හදුනා ගන්නා නිරෝගී පුද්ගලයින් කඳවුරු පරිශ්‍රය තුලම සෞඛාරක්‍ෂිත ස්ථානයක නිරෝධායනයට ලක් කිරීම සඳහාත් කඳවුර තුළ සිටින සියළුම පුද්ගලයින්ගේ ආහාර පාන, අනෙකුත් අවශ්‍යතාවයන් සහ සුභසාධන කටයුතු ඉතා ආරක්‍ෂිතව පවත්වාගෙන යාමටත් නාවික හමුදාව මේ වන විට සියළු ක්‍රියා මාර්ගයන් ගනිමින් සිටී.

    ශතවද මෙම වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රයේ පිහිටා ඇති නාවික මහ රෝහල සම්පූර්ණ විෂබීජහරණය කිරීමෙන් අනතුරුව දැනට කඳවුර තුල සිටින පුද්ගලයින්ගෙන් හදුනා ගන්නා වෛරසය ආසාධිතයින් වෙනුවෙන් ප්‍රතිකාර ලබා දීමට සුදුසු රෝහලක් වශයෙන් වැඩි දියුණු කිරීමටත් නාවික හමුදාව මේවන විට සියළු ක්‍රියා මාර්ගයන් ගනිමින් සිටී.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya