ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නා හිමි සහ කාදිනල් හිමිපාණන් ජනපති සමඟ කාලීන විෂයයන් කිහිපයක් පිළිබඳව අදහස් හුවමාරුවක  

    අප්‍රේල් 29, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා (28) සවස ජනාධිපති කාර්යාලයේ දී කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නා හිමිපාණන් වහන්සේ සහ අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හමු වී කාලීන විෂයයන් කිහිපයක් පිළිබඳව අදහස් හුවමාරුවක නිරත විය.


    කොවිඩ්-19 වසංගතය පිළිබඳ වත්මන් තත්ත්වය විමසූ පූජ්‍ය ධම්මාලංකාර මහා නායක හිමිපාණෝ සහ කාදිනල් හිමිපාණෝ වෛරසය පාලනය කරමින් ජනතාව සුරක්ෂිත කිරීමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට ප්‍රසාදය පළ කළහ.


    වසංගතය ඉක්මනින් පාලනය කිරීමට හැකිවනු ඇතැයි ආගමික නායකයෝ දෙනම විශ්වාසය පළ කළ අතර නොබෝ දිනකින් ඇඳිරි නීතිය ලිහිල් කිරීමට හැකිවනු ඇතැයි ජනාධිපතිතුමා පැවසීය.

    ළග එන වෙසක් උළෙල නිමිත්තෙන් නිවසේ සිට ආගමික වතාවත්හි නිරත වන්නැයි බෞද්ධ සැදැහැවතුනට දැනුම් දෙන බව මහා නා හිමියෝ කීහ. ඒ සඳහා ජනමාධ්‍ය උපයෝගී කර ගැනීමේ හැකියාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.


    පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන ගැන විමසීමක් කළ මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ මේ අපරාධය පිටුපස සිටින්නේ කවුදැයි හඳුනාගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළහ. මරාගෙන මැරෙන ප්‍රහාරයකදී පිරිසක් මරණයට පත්වීමෙන් ඔබ්බට ගිය අරමුණු තිබෙන බව සඳහන් කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ඒ අරමුණු පසුපස සිටින අය හඳුනා ගැනීම රජයේ ප්‍රයත්නය බව කීය. නාස්තිකාරී සහ වෛරය අවුළුවන ඡන්ද ප්‍රචාරණ ක්‍රමයෙන් බැහැර වී නව මැතිවරණ රටාවක් නිර්මාණය කිරීම කාලීන අවශ්‍යතාවකැයි කාදිනල් හිමිපාණෝ සඳහන් කළහ.


    නිෂ්ඵල සහ අධික වියදම් සහගත මැතිවරණ ප්‍රචාරණය වෙනස් කිරීමට තමාගේ ද අවධානය යොමු වී ඇතැයි ජනාධිපතිතුමා පැවසීය. කෘෂි භෝග වගා කරන ප්‍රදේශවල වැව් සහ වාරිමාර්ග සමහරක් පරිහානියට ගොස් ඇතැයි පූජ්‍ය ධම්මාලංකාර මහ නා හිමිපාණන් සඳහන් කළ අතර, ඒවා පිළිසකර කිරීමට ලබන අය වැයෙන් ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපතිතුමා කීය.


    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ද සාකච්ඡාවට සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya