මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    FDG- FLUORODEOXYGLUCOSE ඖෂධය ශ්‍රී ලංකාවේ නිපදවීමට සූදානම්-ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය

    අප්‍රේල් 30, 2020

    පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කෙරෙන PETSCAN යන්ත්‍ර සඳහා යොදාගන්නා FDG- FLUORODEOXYGLUCOSE ඖෂධය ශ්‍රී ලංකාවේ නිපදවීමට සූදානම්- ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දන්වයි.


    පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමට යොදා ගන්නා PETSCAN යන්ත්‍ර සඳහා භාවිතා කරන විකිරණශිලිත්වය භාවිතා කරන FDG- FLUORODEOXYGLUCOSE ඖෂධය ශ්‍රී ලංකාවේම නිපදවීමට අවශ්‍ය තාක්ෂණය තම ආයතනය සතුව පවතින බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්.ඩී. ජි. රෝසා මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දි තිබේ.


    ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය යනු විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයකි. ශ්‍රී ලංකාවේම නිපදවිය හැකි එහෙත් ඒ් සඳහා පියවර නොගෙන අප රටේ විදේශ විනිමය විශාල මුදලක් විදේශ රටවලට ඇදී යාම නැවැත්වීම සඳහා සෑම අමාත්‍යාංශයක්ම නව නිපැයුම් ආරම්භ කරන්නැයි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අමාත්‍ය මණ්ඩලයට දී ඇති උපදෙස් පරිදි විදුලිබල අමාත්‍යාංශයට අයත් සෑම ආයතනයක්ම එතුමාගේ ඉල්ලීම අනුව පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.


    මෙම FDG- FLUORODEOXYGLUCOSE ඖෂධය දැනට ඉන්දියාවෙන් ආනයනය කරන විශාල මුදලක් වැය වන ඖෂධයකි. එහි එක් මාත්‍රාවක් රුපියල් 65000ක් පමණ වේ. එම ඖෂධය අර්ධ ආයු කාලය කුඩා (පැය දෙකයි) වේ. එබැවින් ආනයනයේ දී ගත වන කාලය අනුව ඖෂධයේ ආයු කාලය ක්ෂයවීම සිදු වේ. එමනිසා ප්‍රයෝජනයට ගත හැකි කාලය ක්ෂය වන බැවින් ඖෂධයේ සක්‍රියතාව හීනවන නිසා අප රටට විශාල අලාභයක් සිදුවේ.

    මෙම කාරණය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය විසින් මෙම ඖෂධය තුළ අන්තර්ගත වන විකිරණශීලි ද්‍රව්‍ය නිපදවා ගැනීමට අවශ්‍ය වන CYCLOTRON උපකරණය අප රටේම නිපදවීමට තීරණය කර ඇත. ඒ් අනුව මහරගම අපේක්ෂා රෝහල ආසන්නයෙන් පර්චස් 25ක ඉඩමක් අදාල නිෂ්පාදන ඒ්කකය පිහිටුවීම සඳහා ලබා දීම අපේක්ෂා රෝහල් බලධාරින්ගෙන් කළ ඉල්ලීම පරිදි ඒ් සඳහා මේ වනවිට ඒකගත්වය පළ කර තිබේ.


    එමෙන්ම අන්තර් ජාතික පරමාණුක බලශක්ති ඒ්ජන්සිය විසින් මේ සඳහා අවශ්‍ය සියලු තාක්ෂණික සහාය ලබා දීමට එකගත්වය පළ කර ඇති අතර FDG- FLUORODEOXYGLUCOSE ඖෂධය නිපදවීමට අවශ්‍ය යන්ත්‍රය මිල දී ගැනීමට රුපියල් බිලියනයක් පමණ වැය වන බැවින් අතිගරු ජනාධිපතිතුමන් සමග සාකච්ඡා කර එම මුදල සොයා දීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

    මෙම ඖෂධය අප රටේ නිපදවීම මගින් දැනට සතියකට වරක් පමණක් ක්‍රියාත්මක කෙරෙන පෙට්ස්කැන් යන්ත්‍ර අඛණ්ඩවම රෝගි සත්කාර සඳහා යොදා ගැනීමට හැකියාව ලැබෙන බව මහාචාර්ය එස්. ආර්.ඩී රෝසා මහතා පවසයි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya