මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    යල කන්නයේ හෙක්ටයාර් 523500ක් අස්වැද්දීම සඳහා පොහොර වෙනුවෙන් රුපියල් බිලියන10ක්

    අප්‍රේල් 30, 2020

    යල කන්නයේ හෙක්ටයාර් 523500ක් අස්වැද්දීම සඳහා පොහොර ලබාගැනීම රුපියල් බිලියන 10 ක මූල්‍ය ප්‍රතිපාදන වෙනුවෙන් කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබ්නට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

     

    කෘෂිකර්මාන්තය නැංවීමේ වැඩපිළිවෙළ යටතේ මෙවර යල කන්න සදහා හෙක්ටයාර් 523500ක් අස්වැද්දීම සදහා රුපියල් බිලියන 10 ක මුදලක් අවශ වන බවට කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශය යොමු කර තිබුණි. කොරෝනා මර්දනය කෙරෙන අතර තුර ආර්ථික අංශ පවත්වාගෙන යාමට රජය අදියරෙන් අදියර කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය. එහි එක් පියවරක් ලෙස මෙම වැඩපිළිවෙල සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව ද පැවසීය

    මෙම හෙක්ටයාර 523500 අස්වැද්දීම සදහා පොහොර මෙට්‍රික්ටොන් 150000 අවශ්‍ය වන බවත්,එසේම බීජ පැළ මෙන්ම යූරියා,පොටෑසියම් ,පොස්පේට් වැනි පොහොර මිල දි ගත යුතු බවත් කෙසේ වුවද ⁣මැයි 20 වන දා සිට මෙම පොහොර හිඟයකින් තොරව රට පුරා බෙදා හැරීමට ද හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.


    එමෙන්ම අතිරේක බෝග වර්ග 16 සදහා නිශ්චිත සහතික මිලක් නියම කර ඇති අතර මෙම බෝග අළෙවි කර ගැනීමට නොහැකි වුවහොත් රජය විසින් ඒවා මිල දී ගැනීමට ද සුදානම් බවද ඇමතිවරයා කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya