මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    කොරෝනා මර්දනයට තවදුරටත් පරිත්‍යාග ...

    මැයි 02, 2020

    කොරෝනා මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට විවිධ පාර්ශ්ව තවදුරටත් සහාය දක්වති.


    සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය හා ශ්‍රීපාද නල්ලතන්නියේ කල්ප වෘක්ෂ විහාරාධිපති පූජ්‍ය දෙනිපේ නන්ද හිමි විසින් ශල්‍ය ඇඳන් 07ක් පරිත්‍යාග කර තිබේ. එහි ආගමික උපදේශක ආචාර්ය පූජ්‍ය ගුණරතන හිමියෝ එම ඇඳන් ජනාධිපති අතිරේක ලේකම් රෝහණ අබේරත්න මහතාට පිරිනැමීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදෙනු ලැබිණ.


    පූජ්‍ය පහරියේ සුමනරතන හිමියන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ වෛද්‍ය සුදර්ශන මහතා ඊට එක් වූහ.
    සීකෝ (CEYKO) අන්තර්ජාතික පෞද්ගලික ආයතනයේ සභාපති රවින්ද්‍ර ගයානාත් මහතා රුපියල් තුන්ලක්ෂ පනස්දහසක් වටිනා පියෝ ලයිෆ් ජල පෙරණ යන්ත්‍ර ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා වෙත පරිත්‍යාග කළේය. එම ජල පෙරණ යන්ත්‍ර නිරෝධායන මධ්‍යස්ථානවල ප්‍රයෝජනය සඳහා යෙද වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya