යාපනය කරෙයිනගර් සිට කොළඹ දක්වා ගමන් කරමින් තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ කරෙයිනගර් ඩිපෝවට අයත් බස් රථයක් 2020 අප්‍රේල් 30 වන දින කරෙයිනගර් පොන්නාලෙයි පාලම ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන කළපුවට වැටී අනතුරට පත්වී ඇති අතර, එම බස් රථය ගොඩ ගැනීම සඳහා නාවික හමුදාව විසින් කටයුතු කරන ලදි.
මෙහිදී නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර මහතාගේ උපදෙස් මත එම නාවික විධානයේ සම්පත් හා ශ්‍රම දායකත්වයෙන් දැඩි පරිශ්‍රමයක් යොදා නාවික හමුදා දොඹකරයක් ආධාරයෙන් අදාල බස් රථය ගොඩ ගැනීමට කටයුතු කරන ලද අතර, පසුව නාවික හමුදා ආපදා රථයක් මගින් මෙම බස් රථය කයිට්ස් පොලීසිය වෙත රැගෙන යාමට නාවික හමුදාව කටයුතු කරන ලදි.