නුවරඑළිය දිස්ත්‍රික්කයේ බීජ ලබාගැනීමට සුදුසු අර්තාපල් වාගාවන් හි අර්තාපල් අල පරිහෝජනය සඳහා අලවි නොකර ඉදිරි කන්නය සඳහා වගා කිරීමට අවශ්‍ය බීජ සකසා ගැනීම අවශ්‍ය කටයුතු කරන ලෙස ඇය ගොවි ජනතාවගෙන් ඉල්ලිමක් කරයි
වෙනත් වර්ෂවල අප රටට බීජ සඳහා මෙන්ම පරිභෝජනය සඳහා ද අර්තාපල් ආනයනය කළ ද මෙම කාලයේ ලොව පුරා පවතින වසංගත තත්වයෙන් ආරක්ෂා වීම සඳහා සිදුකරන ක්‍රියා මාර්ග තුල එම කටයුතු සිදු කිරීමට අපහසු වි ඇති බව පෙන්වා දුන් නියෝජය කෘෂිකර්ම අධ්‍යක්ෂකවරිය සඳහන් කලේ එම අවශ්‍යතාවන් සම්පුර්ණ කිරීම සඳහා ආර්තාපල් ගොවියන් එක්ව කටයුතු කල යුතු බවය.
නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක දෙක ප්‍රධාන වශයෙන් අර්තාපල් වගා කරන දිස්ත්‍රික්කයන් වේ. මෙයින්ද බීජ අර්තාපල් නිෂ්පාදනය කිරීම වැඩි වශයෙන් සිදුවන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කය තුලය.
නියෝජය කෘෂිකර්ම අධ්‍යක්ෂක එස්.එම්.කේ. දිසානායක මහත්මිය සඳහන් කලේ බීජ අර්තාපල් ගබඩා කිරීම සදහා ගොවි මහතුන්ට සීත ගබඩා පහසුකම් සහන දායි ක්‍රමයක් යටතේ ලබා දීමට ද සීතා එළිය රජයේ ගොවිපල මගින් කටයුතු සලසා ඇති බවය.
DMU/NuwaraEliya