මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    මැයි 11 සිට පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරනු ලබන්නේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල විශේෂඥ උපදෙස් මත පමණයි- පුද්ගලික බස් රථ හිමියන්ගේ ඉල්ලීම් සඳහාත් විශේෂ අවධානය

    මැයි 03, 2020

    කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් දැනට රජය විසින් පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 11 සිට ලිහිල් කිරීමට රජය විසින් ගෙන ඇති තීරණය සාර්ථක කර ගැනීම සඳහා ඊට සහාය පළ කිරීමක් වශයෙන් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) පැවැත්විනි.

    ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා , රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වෛද්‍ය නවීන් සොයිසා මහතා ඇතුලු වෛද්‍යවරු පිරිසක් හා ප්‍රවාහණ අංශ බාර නිලධාරිහු ඊට සහභාගි වී සිටියහ.

    මැයි මස 11 දින ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු කොවිඩ් 19 ට ඉඩ නොදී ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ අතර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් පෙන්වා දුන්නේ දැනට එම රෝගය කිසියම් පාලනය කර ගැනීමේ හැකියාවක් අප රටට ලැබී තිබෙන නිසා රටේ ආර්ථික කටයුතු හා ජනජීවිතය යළිත් නංවාලීමට පියවර ගැනීම අවශ්‍ය බවයි.


    එමෙන්ම රෝගය යළිත් ව්‍යාප්ත වීම පාලනය ද අත්‍යවශ්‍ය වන බැවින් ඒ් සම්බන්ධව විදිමත් පරිදි පියවර ගැනීම අවශ්‍ය බව ඔවුහු අවධාරණය කළහ. ඒ් අනුව ප්‍රවාහණ සේවා ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ආරක්ෂක හා සෞඛ්‍ය විශේෂඥ උපදෙස් අනුව කටයුතු කිරීම, මාර්ගෝපදේශණ ඉල්ලා ලෝක සෞඛ්‍ය සංවිධානයට ලිපියක් යොමු කිරීම මෙන්ම දැනට පුද්ගලික බස් රථ අයිතිකරුවන් විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලිම් සම්බන්ධව මෙහිදී සාකච්ඡා කරන ලදී.


    පුද්ගලික බස් රථ අයිතිකරුවන් විසින් කර ඇති ඉල්ලීම් අතර ඉන්ධන ලීටරයක් රුපියල් 50කට ලබා දීම, බස් රථවල ආසන සංඛ්‍යාව අනුව මගීන් ගෙන යාමට අවසර ඉල්ලිම හා රජය විසින් සහනයක් ලබා දිය යුතු බවට කරන ලද ඉල්ලීම් අනුව අවධානය යොමු කරන ලදී.

     

    එහිදී අමාත්‍යවරයා විසින් කියා සිටියේ ඔවුන්ගේ ඉල්ලිම් සාධාරණ වුවත් මෙම අවස්ථාවේ රජයට තවදුරටත් සහන සලසාදීම කළ හැක්කක් නොවන බවයි. එයට හේතුව නම් රජයට ඇති ආදායම් මාර්ග සියල්ල මේ වනවිට ඇහිරී ඇති බවයි. එමනිසා බස් රථවල ආසන ප්‍රමාණයට මගීන් ගෙන යාමට ඉඩ සැලසීම කෙරෙහි අවධානය යොමුකළ හැකි වුවත්, ඒය ක්‍රියාත්මක කළ යුත්තේ සෞඛ්‍ය හා ආරක්ෂණ අංශවල විශේෂඥ උපදෙස් මත බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියා සිටියේය.


    කෙසේ වුවද, ඇඳිරි නීතිය ලිහිල් කළ ද , රාජකාරි හා සේවා ස්ථාන සඳහා වාර්තා කරනු ලබන්නේ අවශ්‍යම නිලධාරින් පිරිස් පමණකි. එහෙයින් එම පිරිස සඳහා පමණක් ප්‍රවාහණ පහසුකම් සැලසීමට පියවර ගනු ලැබේ. දැනට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සකස් කර තිබෙන මගී ප්‍රවාහන සැලැස්ම ඉතාමත් උචිත වැඩ පිළිවෙළක් බව වෛද්‍යවරු ප්‍රකාශ කළේය. පොදු ප්‍රවාහණ සේවා පවත්වාගෙන යාම සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් උපදෙස් ලබා දීම සමිබන්ධයෙන් අමාත්‍යවරයා එම සංගමයට සිය කෘතඥතාව පළ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya