මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    නිදහස් වෙළද කලාප හා ඉන් පිටස්තර කර්මාන්ත ශාලා නැවත ආරම්භ කිරීමේ දී සෞඛ්‍ය අංශ උපදෙස් අනුව කටයුතු කිරීම අනිවාර්යයි

    මැයි 04, 2020

    නිදහස් වෙළද කලාප ආශ්‍රිත හා ඉන් පිටස්තර කර්මාන්ත ශාලා නැවත සිය නිෂ්පාදන ආරම්භ කිරීමේ දී සෞඛ්‍ය අංශ උපදෙස් අනුව කටයුතු කිරීම අනිවාර්යය බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

     

    ඔහු පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් නිරන්තර පරීක්ෂණයක් සිදු කරන ලෙස ආයෝජන මණ්ඩලයටද උපදෙස් දී ඇති බවයි.


    දිවයින පුරා පිහිටි නිදහස් වෙළද කලාප වල මේ වන විට කර්මාන්ත ශාලා 244 ක් සිය නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබේ. සේවක සේවිකාවෝ 46230ක් ඒවායේ සේවය කරති. කටුනායක නිදහස් වෙළද කලාපයේ පමණක් පසුගිය බ්‍රහස්පතින්දා වන විට කර්මාන්ත ශාලා 62ක නිෂ්පාදන කටයුතු ආරම්භ වී තිබුණි. සේවක සේවිකාවෝ 6695 දෙනෙකු එහි එම කර්මාන්ත ශාලා වල සේවයට යොදවා ගෙන තිබේ. බියගම නිදහස් වෙළද කලාපයේ කර්මාන්ත ශාලා 52ක සේවක සේවිකාවෝ 9031 සිය කටයුතු නැවත ආරම්භ කර තිබේ. උතුරු නැගෙනහිර ප්‍රදේශවලද කර්මාන්ත ශාලා 25ක සේවක සේවිකාවෝ 7292 සේවය කරති.


    මැයි මස 11 වන දින වන විට මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයි පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙම සෑම කර්මාන්ත ශාලාවක්ම සෞඛ්‍ය අංශ උපදෙස් නිසි ලෙස පිළිපදින්නේදැයි ආයෝජන මණ්ඩලය හා මහජන පරීක්ෂකවරුන් දැඩි අවධානයයෙන් පසුවන බවද කියා සිටී.

    මේ අතර කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශයට අයත් ආයතන යලි ආරම්භ කිරීමේදී සෞඛ්‍ය නිර්නායක නිසි ලෙස ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බවද ඇමතිවරයා ආයතන එම ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya