මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    නැඟෙනහිර පළාත් කෘෂිකර්මාන්තයට කාබනික ගොවිතැන

    මැයි 04, 2020

    නැඟෙනහිර පළාතේ කෘෂිකර්මාන්තය රසායනික පොහොර වගාවෙන් ක්‍රමක්‍රමයෙන් තුරන් කර සම්පූර්නයෙන්ම කාබනික පොහොර සහිත වස විසෙන් තොර ගොවිතැන ප්‍රචලිත කිරීම සඳහා කටයුතු කරන බව පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

    එහි පළමු අදියර යටතේ ගෙවතු වගාව සඳහා සම්පූර්ණයෙන්ම කාබනික පොහොර යොදා ගන්නා ලෙස ජනතාව දැනුවත් කළ යුතු බවද ආණ්ඩුකාරවරිය කීවාය.

    ඒ සඳහා හයිබ්‍රිඩ් බීජ වෙනුවට පාරම්පරික එළවළු සහ පළතුරු බීජ හඳුන්වා දීමට කටයුතු කරන ලෙසට ඇය උපදෙස් දුන්නාය.
    "සෞභාග්‍යය ගෙවත්ත" වැඩසටහන යටතේ පළාත් කෘෂි කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් පසුගියදා ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති විශේෂ රැස්වීමකට සහභාගි වෙමින් අනුරාධා යහම්පත් මහත්මිය මේ බව කීවාය.
    මෙහිදී නැගෙනහිර පළාතේ සියලු දිස්ත්‍රික්ක තුළ අක්කර සියය බැගින් කාබනික පොහොර යොදා ගනිමින් අඩු වියදමකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමේ විශේෂ ආදර්ශ ගොවිපළ තුනක් කඩිනමින් ආරම්භ කිරීමට ද ආණ්ඩුකාරවරිය උපදෙස් දුන්නාය.
    කාබනික පොහොර වලට මුල් තැන දෙමින් දේශීය බෝග වගාවන්ට ගොවීන් දිරිමත් කොට පළාතේ ආර්ථික අර්බුදයට ශක්තිමත්ව මුහුණ දීම සඳහා පියවර ගත යුතු බවද ඇය සඳහන් කළාය.
    කාබනික පොහොර වගාව කෙරෙහි ගොවීන්ට දැඩි අවධානයක් ලබාදීම සඳහා ආචාර්ය කීර්ති වික්‍රමසිංහ මහතාගේ විශේෂඥ දැනුම පළාත තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමටද මෙහිදී අවධානය යොමුවිය.
    මීට අමතරව ත්‍රීකුණාමල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් කාබනික පොහොර නිෂ්පාදනාගාරයක් දිකිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කිරීම කෙරෙහි ද ආණ්ඩුකාරවරිය ගේ දැඩි අවධානය යොමුව තිබේ.
    මෙම අවස්ථාව සඳහා පළාත් ප්‍රධාන ලේකම්, පළාත් අමාත්‍යංශ ලේකම්වරුන්, ත්‍රිකුණාමලය මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික් ලේකම්වරුන්, දිස්ත්‍රික් ගොවිජන සේවා නිලධාරීන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya