මාර්තු 14, 2025
tami eng youtube  twitter facebook

    සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් තම වගකීම නිසියාකාරව ඉටු කරන්න

    මැයි 04, 2020

    COVID - 19 වෛරසය අසදිතව අද දිනය වන විට රෝහල් ගත කර ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 528 ක් බවත් මේ වන විට රෝගීන් 187 දෙනකු සුවපත් වී ඇති බවත් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී අද (4) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියාය.

    රෝහල් ගත කර ඇති රෝගීන් ගෙන් 326 දෙනකු නාවික හමුදාවේ සේවයේ නියුතු වුවන් හා ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් වන බවත්, ඊයේ රාත්‍රියේ වාර්තා වූ රෝගීන් 12 දෙනාගෙන් 11 ක් නාවික හමුදාවේ සේවයේ නියුතු වුවන් හා ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් වන බවත් ඒ මහත්මිය ප්‍රකාශ කළාය.

    පසුගිය කාල සිමාව තුළ යම් කිසි ආකාරයක රෝගීන්ගේ වැඩි වීමක් දක්නට ලැබුණු බවත්, මේ වන විට අඩු සංඛ්‍යාවක රෝගීන් වාර්තා වීමක් දක්නට ලැබෙන බවත්, මේ දිනවල නාවික හමුදාවේ වීරෝදාර රණවිරුවන්ගෙන් හැරෙන්නට වෙනත් සමාජය තුළ බහිරව වෛරසය අසාදිත වූ පුද්ගලයින්ගේ වාර්තා වීමක් දක්නට නොලැබෙන බවත්, එය ලොව අනෙක් රටවල් හා සසඳා බලන කල්හි එවැනි සමාජීය වශයෙන් වෛරසය පැතිරීමක් මෙරට තුළ දක්නට නොමැති බවත් ඒ මහත්මිය ප්‍රකාශ කළේය.

    ජනාධිපති හා අගමැතිතුමාගේ උපදෙස් පරිදි ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය බුද්ධි අංශ මෙන්ම සෞඛ්‍ය අංශ මහත් වූ කැප වීමකින් යුතු ව කටයුතු කළ නිසාත්, රෝගීන් හඳුනාගැනීමෙන් අනතුරුව එම රෝගීන්ගේ ආශ්‍රිතයින් මෙන්ම දෙවන හා තුන්වන කණ්ඩායම් පිළිබඳවදැඩි සුපරික්ෂාකාරීව නිරෝධායනයට ලක් කිරීමත් නිසා මෙම වෛරසය රට තුළ ශීඝ්‍රයෙන් පැතිරීම වැළක්වීමට හැකි වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය අවධාරණය කළාය.

    ඒ අනුව, වෛරසය පැතිරීම වැළක්වීමට රජය විසින් සියලු පරිශ්‍රම යොදා කටයුතු කළ ද එය සමාජය තුළ පැතිරීම වැලැක්වීම සඳහා මූලිකම වගකීම ඇත්තේ මෙරට ජනයා හට බවත්, ඉදිරියේ දී යම් කිසි ආකාරයකට ඇදිරිනීතිය ලිහිල් කරනු ලබන අවස්ථාවල දී මෙතෙක් රජය විසින් ගෙන ආ වෛරසය පැතිරීම වැලැක්වීමට යොදා ගත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග තවදුරටත් නිසි ලෙස අනුගමනය කරමින්, සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් තම වගකීම නිසියාකාරව ඉටු කිරීමට කටයුතු කරන ලෙසත්, සෞඛ්‍ය අමාත්‍යවරිය මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටි.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya