COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී ඒ මහතා (04) මේ බව සඳහන් කළේය.
බේරුවල ප්‍රදේශයෙන් පැමිණ නිරෝධායනය වූ 129 දෙනකු තම නිරෝධායනය අවසන් කර මෙන්ම PCR පරීක්ෂණ කටයුතු සිදු කිරිමෙන් අනතුරුව නිවෙස් කරා මුදා හැර ඇත.
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලින් අද දිනයේ දී 5,050 දෙනකු මේ දක්වා නිරෝධායනය වී ඔවුන්ගේ නිවෙස් කරා මුදා හැර ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ විරෝදාර රණවිරුවන් සහ ඔවුන්ගේ ඥාතීන් ඇතුළු ආසාදිතයින් ඇසුරු කරන ලද අයවළුන් 1,031 දෙනකු මේ වන විට ත්‍රිවිධ හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථාන වල තවදුරටත් නිරෝධායනය වෙමින් පවතින බවත් යුධ හමුදාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
මේ අනුව, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථාන 35 ක් පවත්වාගෙන යනු ලබන අතර එහි 4,522 දෙනකු දෙනකු තවදුරටත් නිරෝධායනය වෙමින් පවතී.
COVID – 19 අසාදිත වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විරෝදාර රණවිරුවන් සංඛ්‍යාව 296 දෙනකු වන බවත්, ඔවුන්ගෙන් බහුතර කඳවුර තුළ සිටිය රණවිරුවන් බවත්, සුළු පිරිසක් නිවාඩු ලබා නිවෙස් කරා ගිය අයවළුන් බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම, ඩොල්ෆින් හෝටලය පසුගිය මාසය පුරාවටම යුධ හමුදාවේ නිරෝධායන කටයුතු වලට ලබා දී ඇති බවත්, 04 දිනය වන විටත් 223 දෙනකු එහි නිරෝධායනය වෙමින් සිටින බවත්, ඒ සඳහා තම ස්තුතිය පුදකර සිටින බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේය.