වැලිසර නාවික හමුදා කඳවුරේ PCR පරීක්ෂණ තවදුරටත් සිදු කරන අතර, වැඩි ආසාදිතයින් පිරිසක් හමු වී ඇත්තේ කඳවුර තුළ නිසා ඔවුන්ගෙන් බාහිර පුද්ගලයින්ට සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඉතාමත් අවම මට්ටමක පවතින බවත්, සුළු පිරිසක් නිවාඩු ලබා පිටව ගොස් සිටි අය වන අතර මේ වන විට එම නිවාඩු ලබා ගිය පිරිස සිටි දිස්ත්‍රික්ක වල PCR පරීක්ෂණ නියැඳි ලෙස සිදු කරමින් බවත්, අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.
එමෙන්ම, කොළඹ නගරයේ තෝරාගත් ප්‍රදේශ වල තවදුරටත් PCR පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී. ඒ අනුව, රෝහල් තුළ ඉලක්ක ගත ආකාරයෙන් එකී PCR පරීක්ෂණ සිදු කෙරෙන බව ද අනිල් ජාසිංහ මහතා අවධාරණය කළේය.