ඇදිරිනීතිය ඉවත් කළ ප්‍රදේශ වල රාත්‍රී 8.00 සිට (05) උදැසන 5.00 දක්වාත්, 05 රාත්‍රී 8.00 සිට අනිද්දා උදැසන 5.00 දක්වාත් ක්‍රියාත්මක වන අතර, 06 වන දින රාත්‍රී 8.00 ට මුළු දිවයිනටම පනවන ඇදිරිනිතිය ලබන 11 වන සඳුදා උදැසන 5.00 දක්වා ක්‍රියාත්මක වේ.
ඇදිරිනීතිය පවතින කාලය තුළ නීති විරෝධී ක්‍රියාවන් සිදු කිරීම, කණ්ඩායම් වශයෙන් ගැවසීම, සාද පැවැත්වීම ආදී සමූහ ක්‍රියාකාරකම් කිරීම් සපුරා තහනම් වන බවත් අජිත් රෝහණ මහතා මහජනතාවට අවධාරණය කර සිටි.
ඇඳිරිනීතිය පැනවූ දා සිට මේ වන තෙක් අත්අඩංගුවට පත් වූ පිරිස 46,400 ක් සහ වාහන 12,000 කට අසන්න ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගෙන ඇත. අද උදැසන 6.00 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ දී පමණක් පුද්ගලයින් 1,200 ක් පමණ සහ වාහන 314 ක් අත්අඩංගුවට ගෙන ඇත.
ඇදිරිනීතිය පවතින කාලය තුළම සාමාන්‍ය කටයුතු කරගෙන යාම යන නව සිද්ධාන්තය යටතේ ජාතික හැඳුනුම්පත් අංක ක්‍රමවේදයට කටයුතු කිරීමට අදහස් කරනු ලබන්නේ ලබන 11 වැනි සඳුදා සිට බවත්, බස්නාහිර පළාතේ විවිධ කර්මාන්ත ශාලා, රැකියා ස්ථාන විවෘත කිරීමටත්,සේවකයින් පැමිණීමට මෙන්ම සාමාන්‍ය කටයුතු සිදු වීමට නියමිත බවත්,මෙලෙස රාජකාරියට පැමිණෙන අයවලුන්ට රාජකාරි හැඳුනුම්පත් බලනොපාන බවත්, එලෙස රාජකාරි සඳහා පැමිණෙන අයවළුන් පවත්නා නිසි ක්‍රමවේදයන් යටතේ, සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටි.
එමෙන්ම, රාජකාරි වලට නොයන පිරිස් සඳහා ජාතික හැඳුනුම්පත් අංක ක්‍රමවේදයට අනුකුලව කටයුතු කළ යුතු වේ. එමෙන්ම, අංක ක්‍රමයට අනුව අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා එනම් අහාර හෝ ඖෂධ මිල දී ගැනීමට පමණක් තම නිවසෙන් පිටත් වන ලෙසත්, ඒ සඳහා නිවෙසේ සිට ළඟම ඇති වෙළඳසල වෙත ගමන් කරන ලෙසත්,මෙම ක්‍රමවේද වලට පටහැනිව කටයුතු කරන අයවළුන් ට නිරෝධායන රීතීන්ට අනුව කටයුතු කිරීමට සිදු වන බවත්, ඒ මහතා ජනතාවට දැනුම් දී සිටි.
විශේෂයෙන් කොරෝනා වෛරසය සම්බන්ධ ව අන්තර්ජාතික දත්ත සළකා බැලීමේ දී විශාල වශයෙන් ව්‍යාප්ත වූ රටවල් අතුරින් වෛරසය පැතිරීම පිළිබඳව 160 වන ස්ථානය ශ්‍රී ලංකාවට ලැබී ඇති අතර ඇමරිකාව එහි පළමු ස්ථානය ගෙන ඇත.
ඒ අනුව, මෙරට සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, රජයේ බළධාරීන් සිදු කළ ක්‍රමවේදයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව කොරෝනා වෛරසය මර්දනය කිරීමේ ඉහළ ස්ථානයක සිටින අතර මෙරට මරණ අනුපාතය 1% ව පවතින බවත්, එම ක්‍රියාවලිය නිසි ලෙස තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා සමාජ දුරස්ථභාවය ඇති කර ගනිමින්, සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදිමින් තම කටයුතු සිදු කරමින් ඉදිරියටත් වෛරසය මර්දනය කිරිමට ජනතාවගේ සහාය අතවශ්‍ය වන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.