පසුගිය දින පරන්තන් කෙමිකල්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සමග කොල්ලුපිටිය පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.
මෙම අභියෝගය ජය ගැනීම පිණිස පරන්තන් කෙමිකල්ස් රාජ්‍ය සමාගම මුල් වී පරන්තන්හි අක්කර 160ක් පුරා විහිදුණු කර්මාන්ත පුරයක් නුදුරේදීම විවෘත කරන බවත් කොවිඞ් - 19 වසංගතය හේතුවෙන් රට අර්බුදයකට මුහුණ දී ඇති මේ මොහොතේ රට තුළ ඇරඹිය හැකි කර්මාන්ත කඩිනමින් ඇරඹීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව සහ ඒ සඳහා පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකායේ ඉල්ලීම අනුව මෙම සාකච්ඡාව සිදු කළ බවත් ඊට ඉහත සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉතාමත් ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූ බවත් වීරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම් ජේ. ඒ. රංජිත්, පරන්තන් කෙමිකල්ස් සමාගමේ සභාපති උපුල් රණවීර, අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි යන මහත්වරු ද එක්ව සිටියහ.