මාර්තු 13, 2025
tami eng youtube  twitter facebook

    බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

    මැයි 05, 2020

    2019 වර්ෂයේ නොවැම්බර් මස 2,3 සහ 9 දිනයන්හි පවත්වන ලද බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

    මෙම විභාගය සඳහා මෙවර අයදුම්කරුවන් 47,722 ක් අයදුම් කර ඇති අතර, සිසුන් 23,647 ක් විභාගය සඳහා පෙනී සිට ඇත. මෙම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ results.exams.gov.lk වෙබ් සබැඳිය වෙත පිවිසී අයදුම්කරුවන්ගේ නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකිය.

     

    සියලුම දහම් පාසල් සඳහා අදාළ ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේලා වෙත ප්‍රතිඵල ලේඛන ලබාදීමට ඉදිරියේදී පියවර ගන්නා බවද, මෙම විභාගයේ සහතික පත්‍ර නිකුත් කිරීම සහ ප්‍රතිඵල නැවත සමීක්ෂණය පිළිබඳ ඉදිරියේදි දැනුම්දෙන බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම ප්‍රතිඵල සම්බන්ධව කිසියම් විමසීමක් වෙතොත්, විභාග දෙපාර්තමේන්තුවේ ආයතනික විභාග ශාඛාවේ 0112786201, ආයතනික විභාග ප්‍රතිඵල ශාඛාවේ 0112787221 අංකයන්ට හෝ ක්ෂණික ඇමතුම් අංක 1911 ඇමතීමට අවස්ථාව සලසා තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya