ඇදිරිනීතිය ඉවත් කිරීමෙන් පසු ආයතන වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඊයේ (4) රූපවාහිනි නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය
එහිදී අඳහස් දැක්වූ ලේකම්වරයා;
කෝවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය හමුවේ මාර්තු 20 වනදා සිට රටෙහි සංවර්ධන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල විය. රාජ්‍ය ආයතන වල අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක වුවද සංවර්ධන කටයුතු ඇනහිටියේය. ඒයට හේතුව ඇදිරිනීතිය සමග නිවෙස් වලටම වී සිටින්නැයි රජය විසින් ජනතාවට උපදෙස් ලබා දුන්නා.
සංවර්ධන කටයුතු සිදුකරන ඉදිකිරීම් ක්ෂේත්‍රය ලංකාවේ ඉතා සෘජු හා වක්‍ර රැකියා ලක්ෂ 10ක් පමණ ඇතිකර තිබෙනවා. වැඩිපුරම මෙම ක්ෂේත්‍ර වල සේවය කරන්නේ පහළ ශ්‍රේණි වල නිලධාරීන්. ඒම පහළ ශ්‍රේණි වල සේවකයන් කම්කරුවන් වැනි අය දෛනික වැටුප් ලබමින් ජීවත් වන්නන් වනවා.මෙසේ සංවර්ධන කටයුතු ඇනහිටීමත් සමග මොවුන් දැඩි ආර්ථික අපහසුතාවයකට පත්වෙනවා. ඒමෙන්ම මෙම සංවර්ධන කටයුතු අතරමග නතරවීම අපගේ ආර්ථිකයට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඇති දායකත්වයත් මුළුමනින්ම අත්හිටු වෙනවා.විශේෂයෙන් ගත්විට ඉදිකිරීම් ක්ෂේත්‍රය අප රටෙහි දළ ජාතික නිෂ්පාදනයට 10%ක විතර දායකත්වයක් ලබාදෙනවා.
මෙලෙස සිදු වූ අත්හිටුවීමත් සමග අත්දකින පාඩුව හේතුවෙන් අපට වහාම මෙම වැඩබිම් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් පැනනගිනවා. මේ හේතුවෙන් වැඩබිම් ආරම්භ කිරීමට කටයුතු කිරීමත් සමග සුපරීක්ෂාකාරී ලෙස මෙම කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කළා. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මාර්ගෝපදේශයක් ලබාදුන් අතර ඉදිකිරීම් ආයතනයෙන් ඒනම් සීඩා ආයතනයෙන්ද මාර්ගෝපදේශයක් ලබාදීමට කටයුතු කළා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශය පදනම් කරගනිමින් අමාත්‍යංශය විසින්ද මාර්ගෝපදේශනයක් සකස් කිරීම සිදුවිය.ඒය අමාත්‍යංශයේ සෑම කාර්යාලයකටම නිකුත් කිරීමත් සිදුවිය.
කාර්යාලයක සිදුවෙන කාර්යයන්ට වඩා වෙනස් ක්‍රියාවලියක් වැඩබිම් වල සිදුවෙනවා. කම්කරුවන් වැඩියෙන් ගැවසෙනකොට මේ වසංගතය පැතිරීමේ ප්‍රවණතාවයක් ඇතිවීමට පුළුවන්. ඒය වැළැක්වීමේ ක්‍රමවේදත් සමගයි අපි මෙම කාර්යය පටන්ගන්න සැලසුම් කලේ. සංවර්ධන කටයුතු වලදී ශ්‍රමිකයන් විතරක් මදි. යන්ත්‍රසූත්‍ර සැපයුම් ජාලයක් ක්‍රියාත්මක විය යුතුයි. අමුද්‍රව්‍ය සදහා අමුද්‍රව්‍ය නිෂ්පාදන අවශ්‍යයි.සෑම වැඩබිමක්ම සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යන ලෙස සියල්ලන්ටම උපදෙස් ලබාදී තිබෙනවා. කෝවිඩ් 19 වසංගතයත් සමග මෙම ක්ෂේත්‍රයේ දුටු හොද පැතිත් තිබෙන බව ලේකම්තුමන් ප්‍රකාශ කරනවා.
සාමාන්‍යයෙන් වැඩබිම් වල වැඩකටයුතු කොන්ත්‍රාත්කරුවන් මගින් සිදුවන අතර කොන්ත්‍රාත් කොන්දේසි වල සාමාන්‍යයෙන් පවතින්නේද සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබදව සැලකිලිමත් වන ලෙසයි. මේතාක් මේවා නිසි පරිදි ක්‍රයාත්මක වීමක් සිදුවූයේද නැත. විශේෂයෙන්ම කම්කරුවෝ ආරක්ෂිත ලෙස ඇද පැළද සිටියේ නැත. කෝවිඩ් ප්‍රශ්නයත් ඒක්ක අපිව තල්ලු කරලා තියෙන්නේ ආරක්ෂිතව ඉන්න කියන තැනට. විදේශීය කොන්ත්‍රාත්කරුවන්ගේ තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්. ඔවුන් වැඩබිම් වලදී හෙල්මට් පලදිනවා. දූවිලි ඇතිතැන් වල මාස්ක් පලදිනවා. ග්ලවුස් දානවා. දිග කලිසම් සහ අත් දිග ෂර්ට් අදිනවා.
ඒමෙන්ම බූට්ස් පලදිමින් බෝහෝ ආරක්ෂිත ලෙස සිටිනවා. අපේ රටේ කම්කරුවනුත් ඒළෙත ආරක්ෂිතව ඇද පැළද වැඩකරනවා නම් මේ වසංගතයෙන් බේරෙනවා වගේම තමන්ගේ ආරක්ෂාවත් සලසාගන්න පුළුවන්. වැඩබිම් සදහා වෙනමම මාර්ගෝපදේශ සකස් කර තියෙනවා. ඒහි සේවකයින්ට සුදුසු පරිදි ආරක්ෂිතව නවාතැන් දිය යුතු අයුරු සදහන් වෙනවා. ඒක් ගොඩනැගිල්ලක් තුළ තියාගත හැකි උපරිම කම්කරුවන් ගණන 25කි.
ඔවුන්ට අනෙක් ගොඩනැගිලි වල සිටින අයත් සමග සම්බන්ධකම් පැවැත්විය නොහැකියි. යම් හෙයකින් අනෙක් වැඩබිමට යාමට අවශ්‍ය වුවහොත් ආරක්ෂිතව ගොස් පැමිණීමට විශේෂිත ප්‍රවහන පහසුකම් සැපයෙනවා. මාර්ගෝපදේශය අනූව අමාත්‍යංශයේ සෑම කාර්යාලයකටම විශේෂිත ඒක් නිලධාරියෙකු පත් කරනු ලබනවා. සෑම වැඩබිමකටම මෙවන් නිලධාරියෙකු සිටිනවා. සෑම උදෑසනකම වැඩ ඇරඹීමට ප්‍රථම කම්කරුවන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමත් ඔවුන්ගේ සපත්තු විෂබීජහරණයට ලක්කිරීමත් සිදුකරනවා. දිවා කාලයේ සහ සවස් කාලයේත් උෂ්ණත්ව පරීක්ෂා කිරීම් සිදුකරන අතර කිසියම් කෙනෙකු ලෙඩවී ඇත්නම් ඔහු වහාම වැඩබිමෙන් ඉවත් කර රෝගීන් වෙනුවෙන් වෙන්කල කාමර දෙකෙන් ඒකකට යවා ඉදිරි ප්‍රත්කාර වෙත යොමු කරනවා.