Covid 19 වෛරසය රට තුළ ව්‍යාප්ත වන්නටත් පෙර, මෙරට පළමු ආසාදිතයා හඳුනා ගත් සැණින් රටේ සියලූ පාසල් දරුවන්ගේ ජීවිත අභියෝගයට ලක් නොකොට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය පාසැල් වැසීමේ තීන්දුව ක්‍රියාත්මක කළේය.
රටේ දරුවන්ගේ ජීවිතවල වටිනාකම හඳුනා ගනිමින්, ඔහුගේ ජීවිත ආරක්ෂා කර දීමේ වගකීම පෙරදැරිව එම තීරණය ක්‍රියාවට නැංවූ පරිද්දෙන්ම, පාසැල් නැවත විවෘත කිරීමේ තීරණය ද ක්‍රියාවට නංවන බව අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.
නැවත පාසල් විවෘත කරන දිනය, සහ විවෘත කරන ආකාරය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් හා රජය විසින් ගනු ලබන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට අනුකූලව ඉදිරියේදී තීරණය කරනු ලබන බවත්, අධ්‍යාපන ලේකම්වරයා විසින් එම තීරණය ක්‍රියාවට නංවන්නේ පලාත් කලාප අධ්‍යාපන බලධාරීන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අනෙකුත් සියලු ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමෙන් අනතුරුව බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යාපන ලේකම්වරයා පැහැදිලි කළේය.
රටක් වශයෙන් පමණක් නොව, ලොවක් වශයෙන් සියළු ප්‍රජාව ඉතා තීරණාත්මක සහ අභියෝගාත්මක ගැටලුවකට මුහුණ දෙමින් සිටින මෙවන් මොහොතක, අවිචාරවත්ව සහ අගතිගාමී අයුරින් පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ චේතනාවෙන් මාධ්‍ය භාවිතයෙහි යෙදෙන ඇතැම් මාධ්‍ය සහ වෙබ් අඩවි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය බලවත් අප්‍රසාදය සහ විරෝධය මේ අවස්ථාවේ පළ කර සිටී.