මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    කොවිඩ් -19 වයිරස ආසාදන ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයට විශේෂ සැලැස්මක් සකස් කෙරේ

    මැයි 06, 2020

    කොවිඩ් -19 වයිරස ආසාදන ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස නුවරඑළිය දිස්ත්‍රික්කයට විශේෂ සැලසුමක් සකස් කර ඇතැයි ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමය පවසයි.

    දිවයිනේ අනෙකුත් රෝහල් වල ක්‍රියාත්මක සෞඛ්‍ය ආරක්ෂණ සැලසුමට සමගාමීව සකස් කලද ප්‍රදේශයේ පවතින ශීත තත්වය පිලිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමුකර ඇත .ප්‍රදේශයේ සිංහල බස කතාකරන ජනතාව මෙන්ම දෙමළ බස මවුබස වූ ජනතාවද විශාල වශයෙන් ජීවත් වන බැවින් ඒ පිළිබඳව ද මෙම සැලසුම් සකස් කිරීමේදී සහ සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන්වලදී අවධානය යොමු විය.

    විශේෂයෙන් විෂබීජාණුහරණ කටයුතු ආසාදිත පුද්ගලයින් සඳහා ප්‍රතිකාර ලබාදීම ආසාදිත ගැබිණි මවක පැමිණි විටක ප්‍රසූතිය සිදුකිරීම ආදී කරුණු සම්බන්ධව නුවර එළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතාගේ උපදෙස් මත මාර්ගෝපදේශ රැසක් සකස්කර ක්‍රියාත්මක වෙයි.

    මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ රෝහලක් වෙත යම් පුද්ගලයෙකු පැමිණීමට පෙර අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක්ද හදුන්වා දී ඇතැයි ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමයේ සභාපති නයනි විජේවික්‍රම මෙනෙවිය සඳහන් කරයි.

    අත්‍යවශ්‍යම අවස්ථාවක පමණක් රෝහල් වෙත පැමිණීම සිදුකළ යුතු වන්නේපැමිණීමට පෙර 1390 දුරකතන අංකය අමතා තම රෝග තත්වය පවසා පූර්ව උපදෙස් ලබා ගැනීමෙන් පසුවය.මේ වන විට අවශ්‍ය ඖෂධ නිවසටම තැපෑලෙන් ලබාදීමේ වැඩසටහනක් සායන වල ලියාපදිංචි පුද්ගලයින් වෙනුවෙන් ක්‍රියාත්මකය.සෑම රෝහලකට ඇතුලු වන ස්ථානයේ සබන් හෝ විෂබීජ නාශක දියර තබා ඇත.සෑම විටම රෝහලට ඇතුලුවීමට පෙර අවම වශයෙන් තත්පර විස්සක් සබන් යොදා අත් නිවැරදිව සේදීම කරන්නේදැයි පර්‍ර්ක්ෂා කිරීමේ වැඩපිලිවෙලක්ද ක්‍රියාත්මකය.

    රෝහලට පැමිණීමේදී සෑම අවස්ථාවකම මුඛ ආවරණ පැලඳ සිටීමත් පුද්ගලයින් අතර පරතරය මීටරයක් වනසේ පවත්වාගැනීමත් අත්‍යවශ්‍ය වෙයි. එසේම රෝහල් කාර්ය මණ්ඩලය විසින් ලබාදෙන උපදෙස්ද දැඩි ලෙස සියලු පුද්ගලයින් දැනුවත් කෙරේ. රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා රෝහල් කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම හා රෝගී සාත්තුවට සුදුසු පරිදි රෝහල් සකස් කිරීම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්‍යාලයේ වෛද්‍ය නිලධාරීන් සමග එක්ව සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සහ සෙසු තාක්ෂණික කාර් ය මණ්ඩලයේ මැදිහත් වීමෙන් සිදුකළ බවද ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමයේ සභාපති නයනි විජේවික්‍රම මෙනෙවිය වැඩිදුරටත් පැවසුවාය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya