මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    කොරෝනා මර්දනයට පාර්ශ්ව රැසක සහාය

    මැයි 06, 2020

    ස්විට්සර්ලන්තයේ මෙරට තානාපති හෑන්ස් පීටර් මොක් (Hans Peter Moock) මහතාගේ උපදෙස් මත වාරියෝ සිස්ටම් ( VARIOSYSTEMS) ආයතනය කොරෝනා මර්දනය සඳහා රුපියල් මිලියන 12ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි. ‍

    වාරියෝ සිස්ටම් ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ ටී. සතීෂ්වරම් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (පාලන) විශ්‍රාමික මේජර් ජනරාල් කේ.බී. එගොඩවෙලේ මහතා සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා වෙත (04) දින ජනාධිපති කාර්යාලයේ දී උපකරණ භාරදුන්හ.

    ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව්. සොයිසා මහතා ද එම අවස්ථාවට එක් විය.

    ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය පරිත්‍යාග කළ ජංගම දුරකථන ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීශ්වර බණඩාර මහතා විසින් (05) දින පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන ගජනායක මහතා වෙත භාර දෙනු ලැබීය.

    කොළඹ ජාතික රෝහලේ උගුර, කණ, නාසය සායන ඒකකයේ වෛද්‍ය මහේෂ් මහතාගේ ඉල්ලීම පරිදි මේ පරිත්‍යාගය සිදු කෙරිණ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya