මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    COVID-19 වෛරසය මර්ධන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුව රැස්වේ- ජනතාව දැනුවත් කිරීමට අදාලව තීන්දු තීරණ රැසක්

    මැයි 06, 2020

    ඇදිරි නීතිය ලිහිල් කළ පසු ද සෞඛ්‍ය කාර්ය මණ්ඩල ශක්තිමත‍් කිරීමට හා ‍සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පෙර පරිදිම පිළිපදින ලෙස ජනතාව දැනුවත් කිරීමට අදාලව තීන්දු තීරණ රැසක්.

    කොරෝනා (කොවිඩ් 19) වෛරසය පැතිරයාම පාලනය කිරීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව අද දිනයේත් (06) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී රැස්විය.

    මෙම විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිළධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනෙකු නියෝජනය කරන අතර දින දෙකකට වරක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වේ.

    ඉදිරියේ දී ඇදිරිනීතිය ලිහිල් කිරිමට රජය කටයුතු කිරිමත් සමග ඉදිරි කාලය තුල දී COVID-19 වෛරසය ව්‍යාප්තියේ යම් වර්ධනයක් සිදු වුවහොත් එය පාලනයට හා ප්‍රතිකාර සේවාවන් සිදුකිරීමේ දී ඇතිවන ඔිනෑම අවධානම් තත්ත්වයකට මුහුණදිමට වෛද්‍ය, හෙද, රසායනාගාර ඇතුලු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ශක්තිමත් කිරීමට අවශ්‍ය ක්‍රමවේද සකස් කිරීම පිළිබද මුලික වශයෙන් සාකච්ඡා විය. වෛරසය සම්බන්ධව සිදු කරනු ලබන පරීක්ෂණ කටයුතුවලට අදාලව අවශ්‍ය අමතර සෞඛ්‍ය කාර්ය මණ්ඩල යොදවා ගැනීමටත් ඔවුන් සදහා විශේෂ පුහුණුවක් ලබාදීම පිළිබඳවත් සාකච්ඡා විය. තව ද ග්‍රාමීය, දිසා හා මුලික රෝහල් වල සේවය කරන සහ අවධානම් රාජකාරියේ යෙදෙන සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ආරක්ෂිත ඇදුම් කට්ටල හිඟයකින් තොරව ලබාදීමටත්, වෛරසය පාලනය හා මැඩපැවැත්වීම සදහා දැනට සිදු කරනු ලබන වැඩපිළිවෙල තවත් ශක්තිමත් කිරිමට ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් සාකච්ඡාවට ලක්විය.

    ඉදිරි කාලය තුල ඇදිරිනීතිය ලිහිල් කිරීමෙන් පසු ද සමාජ දුරස්ථභාවය තබා ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදෙනු ලැබූ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් එලෙසම පිළිපදින ලෙස ජනතාව දැනුම්වත් කිරීමට කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

    මෙම අවස්ථාවට විශේෂ කාර්ය සාධන සමාලෝචන කමිටුව නියෝජනය කරමින් සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල් වෛද්‍ය පබා පලිහවඩන, අමාත්‍යතුමීයගේ පෞද්ගලික ලේකම්, සබරගමුව පලාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා යන මහත්ම මහත්මීන් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු නිළධාරීන් පිරිසක් සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya