මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් නව මුද්දර 4ක් සහ මුල් දින කවර 02ක්

    මැයි 06, 2020

    රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් නව මුද්දර 4ක් සහ මුල් දින කවර 02ක් නිකුත් කිරීමට කටයුතු සම්පාදනය තිබූ අතර උසස් අධ්‍යාපන තාක්ෂණික නවෝත්පාදන තොරතුරු හා සන්නිවේදන කටයුතු පිළිබද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මහා සංඝරත්නයට සහ අග්‍රාමාත්‍යවරයාට පිරිනැමීම සිදු කළහ.

    මෙවර වෙසක් දිනය වෙනුවෙන් ඒළිදක්වූ මුද්දර 04න් රුපියල් 10ක මුද්දරයක් මෙවර වෙසක් දින තේමාව වන ''ආරෝග්‍යා පරමා ලාභා සංතුට්ඨි පරමං ධනං'' යන තේමාවෙන් මේවා නිකුත් වූ අතර මුද්දර 02ක් රුපියල් 15ක වටිනාකමකින්ද, රුපියල් 45ක් වටිනා තවත් මුද්දරයක් සහ මුල් දින කවර 02ක්ද නිකුත් කර තිබුණි.

     උසස් අධ්‍යාපන තාක්ෂණික නවෝත්පාදන තොරතුරු හා සන්නිවේදන කටයුතු පිළිබද අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා,තැපැල්පති රංජිත් ආරියරත්න මහතා, නියෝජ්‍ය තැපැල්පති මෙහෙයුම් රාජිත කේ රණසිංහ මහතා සහ මුද්දර කාර්යංශයේ අධ්‍යක්ෂ ශාන්ත කුමාර මීගම මහතා මීට එක්විය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya