මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    බුදු දහමේ උගන්වන ප්‍රතිපදාවන් අනුගමනය කරමින් අපටද මේ වෙසක් සමයේ නිරෝගී සුවය සහ ආධ්‍යාත්මික සහනය අත්කර ගත හැකි බව මට විශ්වාසය

    මැයි 07, 2020

    වෙසක් පුන් පොහෝ දින පණිවිඩය-

    අසිරිමත් සම්බුදු තෙමඟුල සමරන වෙසක් පුන් පොහෝ දිනය ශ්‍රී ලංකාවාසී මෙන්ම ලෝකවාසී සමස්ත බෞද්ධ ජනතාවගේ අති උතුම් ආගමික මංගල්‍යය සලකුණු කරයි.

    අප රටේ බොදු සැදැහැවත්හු අනාදිමත් කාලයක සිට බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව, ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වෙමින් වෙසක් සමය ගත කරති.

    ලොව පුරා බොදුනුවනට සේම අපටද මෙවර වෙසක් උළෙල නිමිත්තෙන් වත් පිළිවෙත් පිරීමට සිදුව ඇත්තේ මානව සංහතියම බරපතල වසංගතයකට මුහුණ පා ඇති මොහොතකය. මෙබඳු විපත් මිනිස් ඉතිහාසයේ විරල නැත. බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ දඹදිව විසාලාමහනුවර තුන්බියකින් ඇලලී ගියේය. උන්වහන්සේගේ අනුශාසනා පරිදි කළ පරිත්‍රාණ දේශනයෙන් ව්‍යසනය දුරු විය. බුදු දහමේ උගන්වන ප්‍රතිපදාවන් අනුගමනය කරමින් අපටද මේ වෙසක් සමයේ නිරෝගී සුවය සහ ආධ්‍යාත්මික සහනය අත්කර ගත හැකි බව මට විශ්වාසය.
    පවතින තත්වය හමුවේ රාජ්‍ය වෙසක් උත්සවය විද්‍යුත් තාක්ෂණය උපයෝගී කර ගනිමින් පැවැත්වීමට මහා සංඝරත්නයේ මගපෙන්වීම සහ ආශිර්වාදය ලැබී තිබේ. එබැවින් නිවසේ සිට සම්මා සම්බුදු රජාණන්වහන්සේ කෙරෙහි උපන් ශ්‍රද්ධාවෙන් යුතුව ආගමික වතාවත්හි නිරතවීමට අපට පිළිවන.

    “තං ච කම්මං කතං සාධු - යං කත්වා නානුතපප්ති
    යස්ස පතීතො සුමනො - විපාකං පටිසෙවති”

    “යම් ක්‍රියාවක් කොට පසුතැවිල්ලට පත් නොවේ ද, යම් ක්‍රියාවකගේ විපාකය ප්‍රීතියෙන් හා සතුටින් යුක්තව විඳින්නේ ද, ඒ ක්‍රියාව සිදු කිරීම යෙහෙකි” යනුවෙන් ධම්මපදයේ එන ඉහත ගාථාවෙන් කියැවෙයි. මේ වෙසක් සමයෙහි බුදුන් වහන්සේ දේශනා කළ පරිදි පසුතැවිල්ලට හේතු වන දේ නොකිරීමෙන් අපේ ඉදිරිමග යහපත්ව සකසා ගත හැකිය.

    මේ ආපදාපන්න මොහොතේ බොදු වත් පිළිවෙත් සේම කොරෝනා නිවාරණ පිළිවෙත්ද පිළිපදිමින් රටත් ජනතාවත් සුවපත් කිරීමට අධිෂ්ඨාන කර ගනිමු. මෙවර වෙසක් මංගල්‍යය ශ්‍රී ලංකා වාසීන්ගේත්, ලෝවැසි ජනයාගෙත් නිදුක් නිරෝගී දිවියට හා ආධ්‍යාත්මික සැපතට හේතු වේවායි මම ප්‍රාර්ථනා කරමි.

    ගෝඨාභය
    රාජපක්ෂ

    2020 මැයි මස 07 වන දින

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya