මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    කතෝලික ජනතාව තමන්ට හැකි අයුරින් වෙසක් මංගල්‍ය සමරන්න එක්වන්න

    මැයි 07, 2020

     

    අසල්වැසි බෞද්ධ ජනතාව සමඟ එකතු වී තමන්ට හැකි අයුරින් සහාය දක්වමින් මෙවර වෙසක් මංගල්‍ය සමරන්නට ඔවුන් හා එකතු වෙන්නැයි කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටින බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කළහ.

     

    2020 වෙසක් මංගල්‍යය දින පණිවිඩය නිකුත් කරමින් මේ බව පවසන උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ සඳහන් කළහ.

    “බුදුරජාණන් වහන්සේ ගේ ඉපදීම, බුදු වීම, පිරිනිවන් පෑම යන උතුම් වූ තෙමගුල සිහි කරන මේ වෙසක් මංගල්‍යය, මා හිතවත් භික්ෂූන් වහන්සේලාටත් ඒවාගේම රටේ බහුතරයක් වන බෞද්ධ ජනතාවටත් ඉතාම ආශිර්වාදාත්මක මංගල්‍යයක් වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුළින් මනුෂ්‍ය ජීවිතයට ලැබී තිබෙන පන්නරය තුළින් අපේ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සභ්‍යත්වය නිර්මාණය වී තිබෙනවා. වසර 2,500කට ඔබ්බට යන අපේ සම්ප්‍රදාය අපේ රටේ ජීවනාලිය බවට පත් වී තිබෙනවා. ඒ නිසා බුදු දහම ගැන ඉතාම ලොකු ගෞරවයක් සහ පිළිගැනීමක් තිබෙනවා .බුදු දහම තුළ තමයි අපේ රටේ අප සියලු දෙනාටම අපේ ආගම් නිදහසේ අදහන්න හැකි වී තිබෙන්නේ. අවශ්‍ය පරිසරය නිර්මාණය වී තිබෙන්නේ ඒ නිසයි.

    “පවතින කෝවිඩ් වසංගතය නිසා මෙවර වෙසක් මංගල්‍යය උත්සවාකාරයෙන් පැවැත්වීමට යම් යම් ප්‍රශ්න මතු වී තිබෙනවා. පොදුවේ කළ හැකි දේවල් මෙවර කරන්නට නොහැකි වී තිබෙනවා. ඒ ගැන අපි කනගාටු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට මේ ලෝකයේ සෑම දෙයක්ම ගෞරවාන්විතව පිළිගන්නවා නම් මනුෂ්‍යයාට, සත්ත්වයාට, ගහකොළට දැක්විය යුතු ගෞරවය අපි පෙන්වනවා නම් මෙවැනි තත්ත්වයක් උදා වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ද දේශනා කළේ මනුෂ්‍ය සමාජය උත්තරීතර තත්ත්වයට පත් කරන දේ ගැනයි. මේ අවස්ථාවේ අපි සියලු දෙනා එය චින්තනයට අනුව කෝවිඩ් -19 වසංගතය ජය ගන්නට කටයුතු කළ යුතුයි.

    “අසල්වැසි බෞද්ධ ජනතාව සමඟ එකතු වී තමන්ට හැකි අයුරින් සහාය දක්වමින් මෙවර වෙසක් මංගල්‍ය සමරන්නට ඔවුන් හා එකතු වෙන්න කියා මම මගේ කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. බුදු රජාණන් වහන්සේ දේශනා කළ පරිදි ආදර්ශමත් ලෙස, ගෞරවාන්විත ආකාරයට මේ වෙසක් මංගල්‍යය සමරන්න උත්සාහ කරමු. සියලුම සංඝයා වහන්සේටත් බෞද්ධ ජනතාවටත් ආශිර්වාදයෙන් පිරුණු, ප්‍රීතිමත් වෙසක් මංගල්‍යයක් වේවා යි ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya