මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    අප වෙසක් සැමරිය යුත්තේ වසංගතයෙන් මුදා ගැනීම සඳහා කළ සටනේ ජයග්‍රහණය රැකෙන ආකාරයෙනි

    මැයි 07, 2020

     

    වසර දෙදහස් ගණනක් තිස්සේ ධර්මානුකූල ජීවිතයක් ගත කළ බෞද්ධයාට නිවසේ සිටම ආමිස පූජාවෙහි ද ප්‍රතිපත්ති පූජාවෙහි ද යෙදීමට තරම් ශික්ෂණයක් ඇති බව මෙවර වෙසක් දින පණිවුඩයක් නිකුත් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

    “බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය සිදු වූ වෙසක් මංගල්‍යය මෙවර සමරන්නට සිදුව ඇත්තේ කොරෝනා වසංගතයට ලංකාව සේම ලෝකයම එකසේ මුහුණ දී ඇති තත්ත්වයක් යටතේය. දැඩි කැපකිරීමෙන්, ඉවසීමෙන් හා බෞද්ධයාට හිමි උපේක්ෂාවෙන් යුතුව කටයුතු කිරීම නිසා ලංකාවාසී ජනතාව එම වසංගතයෙන් මුදා ගැනීමේ ජයග්‍රහණය අත්පත් කර ගැනීමට ආසන්නය.

    එබැවින් අප වෙසක් සැමරිය යුත්තේ වසංගතයෙන් මුදා ගැනීම සඳහා කළ සටනේ ජයග්‍රහණය රැකෙන ආකාරයෙනි. “ඇඳිරි නීතිය හෝ සෞඛ්‍යමය නීතිරීති ධර්මානුකූල ජීවිතයට කිසිදු බාධාවක් ගෙනඑන්නේ නැති බව මගේ වැටහීමය. වසර දෙදහස් ගණනක් තිස්සේ ධර්මානුකූල ජීවිතයක් ගත කළ බෞද්ධයාට නිවසේ සිටම ආමිස පූජාවෙ හි ද ප්‍රතිපත්ති පූජාවෙහි ද යෙදීමට තරම් ශික්ෂණයක් ඇත. වෙසක් දා ට පහනක් දල්වා සැරසිලි කර ආමිස පූජාවෙහි යෙදී චිත්ත ප්‍රීතිය වඩවා ගැනීම බෞද්ධයාට පුරුදුය. අකුසලින් දුරු වීමටත් සියලු කුසල් වැඩීමටත් උද්ගතව ඇති වාතාවරණය කිසිදු බාධාවක් නොවේ.

    “තථාගතයන් වහන්සේ පෙන්වා දුන් මාර්ගය මෙම ව්‍යසනයේ දී අපට පිහිට කොට සිටී. ජීවිතය නිශ්චිත නොවන බවත් ස්ථිරසාර කිසිවක් නැති බවත් කියවෙන බුදු වදනෙහි සත්‍යතාව මේ ව්‍යසනයේ දී ලෝකයම පසක් කර ගත් බව පෙනේ. සිත, කය, වචනය යන තුන් දොර සංවර කර ගැනීමේ බුදු වදන මෙබඳු ව්‍යසනයන්ට මුහුණ දීමට ඇති හොඳම මගය. වෙනත් රටවලට පෙරාතුව කොවිඩ් වසංගතයට එරෙහිව ජයග්‍රහණය ලැබීමට ද බෞද්ධයා පුරුදු පුහුණු කළ ඒ හික්මීම හේතුවන බව මගේ විශ්වාසයයි. එබැවින් මේ වෙසක් සමයේ සිත, කය, වචනය යන තුන්දොර හික්මවාගෙන උපේක්ෂාවෙන් ජීවිතය දෙස බලා තුන් ලොවටම මෙත් වඩා අපි තෙරුවන් සරණ යමු. සියලු සත්ත්වයෝ නිදුක්, නීරෝගී වෙත්වා!”

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya