මාර්තු 13, 2025
tami eng youtube  twitter facebook

    සිංගප්පූරුවේ සිට 190 දෙනකු ගෙන් යුතු කණ්ඩායමක් ද මෙරටට රැගෙන ඒමට නියමිතයි

    මැයි 07, 2020

    ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු පුද්ගලයින් 206 දෙනකුගෙන් යුක්ත කණ්ඩායමක් එක්සත් රාජධානියේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂිත යානයකින් මෙරටට රැගෙන එනු ලැබුණු අතර ඔවුන් සියලු දෙනා යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කිරීමට කටයුතු කළ බවත් යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර සිටී.

    COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී ඒ මහතා (06) මේ බව සඳහන් කළේය.

    එමෙන්ම 07 සවස් භාගයේ දී සිංගප්පූරුවේ සිට 190 දෙනකු ගෙන් යුතු කණ්ඩායමක් ද මෙරටට රැගෙන ඒමට නියමිත ව ඇති බවත්, ඔවුන් සියලු දෙනා ද නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කිරීමට කටයුතු කරන බවත් යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර සිටී.

    යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලින් අද දිනයේ දී පුනානි සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් 127 දෙනකු තම නිරෝධායනය අවසන් කර නිවෙස් කරා මුදා හැරීමට කටයුතු කරනු ලැබූ බවත් යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියේය

    එමෙන්ම, යුධ, නාවික සහ ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වල සිටි අය අතුරින් 5,188 දෙනකු නිරෝධායනය කර ඔවුන්ගේ නිවෙස් කරා මුදා හැරීමට කටයුතු කරනු ලැබ ඇත.


    මේ අනුව, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 39 ක් තුළ පුද්ගලයින් 4,819 දෙනකු දෙනකු තවදුරටත් නිරෝධායනය වෙමින් පවතී.
    නාවික හමුදාවේ සේවයේ නියුතු විරෝදාර රණවිරුවන් 342 දෙනකු මේ දක්වා වෛරසය ආසාදනයට ලක් ව ඇති අතර අප්‍රේල් මස 30 වෙනිදායින් පසුව මේ දක්වා පිටතින් කිසිඳු රණවිරුවෙකු වාර්තා නොවන අතරසියලුම රණවිරුවන් කඳවුරු වෙත කැඳවා ඇති බැවින් ඒ ආකාරයෙන් ආසාදනයට ලක්වන්නේ නම් කඳවුර තුළින් පමණක් වන බවත් යුධ හමුදාපතිවරයා අවධාරණය කළේය.

    (07) සිට මුළු දිවයිනටම නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක වන බැවින් මෙම වසරේ වෙසක් සැමරුම් උත්සවය පසුගිය කාලයේ දී මෙන් සැමරිය නොහැකි බවත්, මෙකි කාලය තුළ ලබා දි ඇති සෞඛ්‍ය බළධාරීන් විසින් උපදෙස් දී ඇති පරිදි සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග වලට අනුව කටයුතු කරන ලෙසත් යුධ හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya