මාර්තු 13, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය ව්‍යවසායන් සඳහා වැටුප් ගෙවීම වැනි කටයුතු සඳහා මූල්‍ය පහසුකම්

    මැයි 07, 2020

    සතොස ආයතනය, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය වැවිලි සංස්ථාව, ඇල්කටුව වැවිලි සමාගම, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, සළු සල, ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය වැනි රාජ්‍ය ව්‍යවසායන් සඳහා වැටුප් ගෙවීම වැනි කටයුතු සඳහා මූල්‍ය පහසුකම් ලබා දීම වෙනුවෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.

    එමෙන්ම, COVID-19 වෛරසය පවත්නා තත්ත්වය හමුවේ විදේශයන් හි සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සංක්‍රමණික කණ්ඩායම්වල අවදානමට ලක් විය හැකි අංශ පිළිබඳව විදේශ කටයුතු, කම්කරු සහ විදේශ සබඳතා පිළිබද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලය දැනුවත් කරන ලදුව ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ විදේශ ගතව සිටින ශිෂ්‍යයන්ගෙන් විශාල ප්‍රමාණයක් මේ වන විට ගෙන්වා ගෙන ඇති අතර එලෙස තවදුරටත් ගෙන්වමින් තිබෙන බවත් බන්දුල ගුණවර්ධන මහතා විසින් සඳහන් කර සිටියේය.


    එහි දී ප්‍රමුඛතා ලේඛන සකස් කොට ප්‍රථමයෙන් සාර්ක් කලාපවල ශිෂ්‍යයින් මෙන්ම අනිත් රටවල් වල සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍යයින් ද, ශිෂ්‍යත්ව ලබා, පුහුණු සඳහා මෙන්ම පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි සඳහා ගිය අයවලුන්ටත් මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට හැකි වී ඇති බව ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.


    එලෙස පැමිණි අයවලුන්ගෙන් ඇතැමෙක් ගාස්තු ගෙවා පෞද්ගලික හෝටල් වල නිරෝධායනය වෙත යොමු වූ අතර එසේ නොහැකි අයට-විශේෂයෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය තුළ පවත්නා නේවාසිකාගාර නිරෝධායනය සඳහා ඉඩ ප්‍රස්ථා සලසා දීම සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා විශ්ව විද්‍යාල බළධාරීන් විසින් අනුමැතිය ලබා දුන් බවත්, එය මහත් කොට අගය කරනු ලබන බවත් අමාත්‍යවරයා විසින් සඳහන් කර සිටියේය.


    ඇතැම් වෘත්තීන් වෙනුවෙන් පිටත්ව ගිය වෘත්තිකයින්ගේ සේවා කාලය අවසන් වීමෙන් කොන්ත්‍රාත්තු අවසන් වීමෙන් මෙන්ම විවිධ හේතුන් මත මෙරටට පැමිණීමට නොහැකිව සිටින පුද්ගලයින් ද ජනපති උපදෙස් මත ලැබෙන ඉඩ ප්‍රස්ථා අනුව ගෙන්වීමට කටයුතු කරනු ඇත. ඒ වෙනුවෙන් ඉවසීමෙන් හා වගකීම් සගතව කටයුතු කරන ලෙස ඒ මහතා ජනතාවට දැනුම් දී සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya