මාර්තු 13, 2025
tami eng youtube  twitter facebook

    විසා වලංගු කාලය ඉක්මවා ඇති විදෙස් ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව රජයේ විශේෂ අවධානය

    මැයි 07, 2020

    විසා වලංගු කාලය ඉක්මවා ඇති මෙරටට පැමිණීමට නොහැකිව සිටින සහ මෙරටට පැමිණීමට බලාපොරොත්තුව සිටින විදෙස් ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව රජය විශේෂ අවධානයක් යොමු කොට ඇතැයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පවතී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.


    ඒ අනුව, විදෙස් ශ්‍රමිකයින් පිළිබඳව රයේ විශේෂ අවධානය යොමු කරන බවත්, ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහ සැප පහසුව පිළිබඳව රජය කැප වන බවටත් සහතික වන ලදුව මැද පෙරදිග සහ අවට කලාපිය රටවල සේවයේ නියුතු ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලංකික ශ්‍රමිකයින්ට අවශ්‍ය කටයුතු කිරිමට මේ වන විට රජය විසින් සිදු කෙරෙමින් පවතින බවත් ඒ මහතා නිවේදනය කර සිටියේය.
    ඉදිරි දින කිහිපය තුළ මාලදිවයින, කුවේට් සහ ඩුබායි ඇතුළු රාජ්‍ය වල ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලංකික ශ්‍රමිකයින් සුරක්ෂිතව මෙරටට ගෙන්වා
    ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙනු ඇත.


    විශේෂයෙන් කුවේට් හි සිටින ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසකට නොමිලේ ගුවන් ප්‍රවේශ පත් ලබා දීමට පෞද්ගලික පරිත්‍යාගශීලින් ඉදිරිපත් ව ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya