මාර්තු 13, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ කොරෝනා වෙරසය පාලනයට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රුපියල් මිලියන 151 කට අධික වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් 

    මැයි 08, 2020

    කොරෝනා වෛරසය රට තුල පැතිරීම පාලනය සහ වැළැක්විම සදහා අතිගරු ජනාධිපතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍යතුමන් ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩ වැඩපිළිවෙල සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් (05) දින Covid-19 වෛරස මර්දන හා ප්‍රතිකාර කටයුතු ශක්තිමත් කිරීම සදහා රුපියල් මිලියන 151 කට අධික වටිනාකමකින් යුතු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ, සෞඛ්‍ය ආරක්ෂිත ඇදුම් කට්ටල සහ සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රදානය කරන ලදි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විසින් මෙරට කොරෝනා වෛරසයට එරෙහි සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම සදහා ලබාදුන් උපකරණ අතර වෛද්‍ය උපකරණ, රසායනාගාර උපකරණ, පුද්ගල ආරක්ෂිත ඇඟලුම් ((PPE), Covid-19 පරික්ෂණ ඇදුම් කට්ටල (Covid-19 Test Kits), මුද්‍රිත නිරික්ෂණ ලේඛණ (printing surveillance registers) වේ.

     

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ (Dr. Razia Pendse) මහත්මිය විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත මෙම ප්‍රදානයට අදාල ලිපි ලේඛණ සෞඛය අමාත්‍යාංශයේ දී ලබාදෙන ලදි. මෙම උපකරණ වෛද්‍ය සැපයුම් අංශය, වසංගත රෝග විද්‍යා අංශය, වෛද්‍ය පර්යේෂණ ආයතනය ඇතුලු සෞඛ්‍ය ආයතන වෙත ලබාදීමට‌ නියමිතය.

    එමෙන්ම Austgrow International (Group) Ltd ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී Mr. Cedric Anthony මහතා විසින් පුද්ගලික ආරක්ෂිත ඇගලුම් කට්ටල (PPE) 500 ක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්‍රදානය කරන ලදි. එම ඇගලුම් කට්ටල වලින් 200 ක් අංගොඩ බෝවන රෝග විද්‍යායතනයටත්,100 ක් කුරුණෑගල මහ රෝහලටත්, 150 ක් ජාතික රෝහලට සහ අත්‍යාවශ්‍ය සේවා කටයුතු සදහා ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා ලදි.

    මෙම අවස්ථාවට මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය රවී නානායක්කාර මහතා, ශ්‍රී ලංකා ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා, සෞඛ්‍ය අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම්, සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya