ඒ අනුව කොරෝනා වසංගතය හේතුවෙන් කාර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටළුවලට විසදුම් ලබා දී කාර්මාන්ත ශාලාවල සේවක සුරක්ෂිතතාව තහවුරු කිරීමටත් කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙසද ඇමතිවරයා ආයෝජන මණ්ඩලයට උපදෙස් ලබා දුන්නේය.
කොරෝනා වසංගතය රට තුළ පාලනය කිරීමෙන් පසුව කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන ක්ෂේත්‍රවල ඉදිරි කටයුතු පිළිබදව ) කොළඹ දී පැවති විශේෂ සාකච්ඡාවකදී ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය. ආයෝජන මණ්ඩලයේ හා අපනයන සංවර්ධන මණ්ඩලයේ නිළධාරීහු මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
දිවයින පුරා පිහිටි කර්මාන්තශාලාවල නැවත නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු විය. ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක ජෙනරාල් සංජය මොහොට්ටාල මහතා කීවේ මේ වන විටත් නිදහස් වෙළද කලාප ආශ්‍රිත කර්මාන්ත ශාලා වලින් 79%ක නිෂ්පාදන කටයුතු ආරම්භ වී ඇති බවයි. සෞඛ්‍ය අංශ නිර්දේශ අනුව අවම සේවක සංඛ්‍යාවක් යොදවා ගනිමින් මෙම කටයුතු ආරම්භ කර ඇති බවද අධ්‍යක්ෂක ජෙනරාල්වරයා මෙහිදී කියා සිටියේය. ඉදිරි කාලය තුල එය තවත් යහපත් වනු ඇති බවද අධ්‍යක්ෂක ජෙනරාල්වරයා කීවේය.
කොරෝනා වසංගතය හේතුවෙන් කාර්මාන්ත කරුවන් මුහුණ දෙන තත්ත්වය ලෝකයටම පොදු තත්ත්වයක් බව මෙහිදී පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙම වසංගතය හේතුවෙන් මෙරට කර්මාන්ත කරුවන් මුහුණ දෙන ගැටළු පිළිබදව කඩිනම් අවධානය යොමු විය යුතු බව පෙන්වා දුන්නේය. මේ හේතුවෙන් කිසිදු කර්මාන්ත ශාලාවක් වසා දැමීමට හෝ කර්මාන්ත ශාලාවල සේවකයන් ඉවත් කිරීමක් සිදුවීමට ඉඩ නොතැබීම රජයේ ස්ථාවරය බව පෙන්වා දුන් ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙස ආයෝජන මණ්ඩලයට උපදෙස් දුන්නේය. මීට අදාල යෝජනා හා සැලසුම් කඩිනමින් ඉදිරිපත් කරන ලෙසද ඔහු කීවේය.
කර්මාන්තශාලා සිය නිෂ්පාදන කටයුතු නැවත ඇරඹීමේදී සෞඛ්‍ය අංශ නිර්දේශ අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාව දැඩි ලෙස අවධාරණය කල ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඒ පිළිබදව සෞඛ්‍ය අංශ සමග එක්ව
අධීක්ෂණය කරන ලෙස ආයෝජන මණ්ඩලයට උපදෙස් දුන්නේය. සෞඛ්‍ය අංශ උපදෙස් නොතකමින් සිය නිෂ්පාදන කටයුතු කිරීමට කිසියම් කර්මාන්ත ශාලාවක් කටයුතු කර ඇත්නම් ඒ අය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඇමතිවරයා උපදෙස් දුන්නේය.
අපනයන සංවර්ධන මණ්ඩලයටද ඇමතිවරයා උපදෙස් දුන්නේ කර්මාන්ත කරුවන් හට සහන සැලසීම සදහා වැඩ පිළිවෙලක් සකසන ලෙසයි. මෙරට අපනයන සදහා ලෝකයේ නව වෙළද පොල හා නව පාරිභෝගික අවස්ථා සලසා ගැනීමේ අවශ්‍යතාවයද ඇමතිවරයා පෙන්වා දුන්නේය. ආයෝජන මණ්ඩලය හා අපනයන සංවර්ධ මණ්ඩලයේ කටයුතු රජයේ නිර්දේශ අනුව ලබන සදුදා සිට යළි ආරම්භ කිරීම පිළිබදවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ මහතාද සාකච්ඡාවට සහභාගී විය.