මාර්තු 13, 2025
tami eng youtube  twitter facebook

    ජනාධිපති ලේකම්වරයාගේ ඉල්ලීම මුල් කරගනිමින් විවිධ චෝදනා ඉදිරිපත් කිරීම, මඩ ප්‍රහාර එල්ල කිරීම හෙළා දකිනවා- වත්මන් රජය රණවිරු දඬයම හා රාජ්‍ය සේවක දඬයම කරන්නේ නෑ  

    මැයි 08, 2020

    රාජ්‍ය අංශයේ ප්‍රධානී වශයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා විසින් රාජ්‍ය අංශයේ ප්‍රධානින් වෙත පුද්ගලික ආයාචනයක් ලෙස මැයි මස සම්පූර්ණ වැටුප අඩක් හෝ සතියක/දිනක වැටුප වැන්දඹු හා අනත්දරු අරමුදලට පරිත්‍යාගයක් වශයෙන් ලබා දෙන ලෙස ඉල්ලා ලිපියක් නිකුත් කර තිබෙන බවත් මෙම කරුණ මුල් කරගනිමින් විවිධ චෝදනා ඉදිරිපත් කිරීම, මඩ ප්‍රහාර එල්ල කිරීම කැබිනට් අමාත්‍යවරුන් වශයෙන් හෙළා දකින බවත් පසුගිය රජය රජ්‍යසේවකයින්ට දස වද දුන්නත් වත්මන් රජය එසේ නොකරන බවත් රාජ්‍ය සේවකයින් සුරකින බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

    ඒ අනුව, එය කිසිසේත් රජය විසින් නිකුත් කරන ලද ප්‍රවෘත්තියක් නොවන අතර උද්ගතව ඇති තත්ත්වය හමුවේ රට මුහුණ පා අර්බුදය පිළිබඳව දන්වමින් පුද්ගලික ආයාචනයක් ලෙස එකී ලිපිය යොමු කොට ඇති බවත්, එලෙස තම වැටුප පරිත්‍යාග කිරීම අනිවාර්යය නොවන අතර ඊට අකමැති පුද්ගලයෙකු හට එය නොගෙවා සිටීමේ පූර්ණ අයිතිය තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

     

    මේ වන විට රාජ්‍ය අංශයේ සහ පුද්ගලික අංශයේ පිරිස් මෙලෙස වැටුප් පරිත්‍යාගයන් රජය වෙත කිසිඳු දේශපාලනක යාත්‍රණයකින් තොරව සිදු කොට ඇති බවත්, ලබන බදාදා දිනය වන විට තැපැල් දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් එලෙස එක් කළ රුපියල් කෝටි 03 ට වඩා වැඩි මුදල රජයට ලබා දීමට නියමිත බවත් සඳහන් කළ අමාත්‍යවරයා එය වඩා විධිමත් කිරීම වෙනුවෙන් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා විසින් මෙලෙස පුද්ගලික ආයාචනයක් ලෙස ඉල්ලීම කර තිබෙන බවත් ප්‍රකාශ කර සිටියේය.

     

    මෙරට ජනතාව එකී උද්ගතව ඇති තත්ත්වය හමුවේ විවිධ පීඩනයන්ට ලක් ව ඇති නමුත් විවිධ පුද්ගල කණ්ඩායම් විසින් තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් විවිධ කැප කිරීම් සිදු කර ඇති බවත්, මෙම ව්‍යසනකාරී තත්ත්වය මැඩපැවැත්වීම සඳහා මෙරට ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය, ඒ ඒ ඒ අංශ සඳහා පිහිටුවා ඇති විශේෂ කාර්යය සාධක බළකා මෙන්ම බිම්මට්ටමේ රාජ්‍ය නිළධාරීන් ඇතුළු විශාල පිරිසක් අනුපමේය මෙහෙයක් සපයන බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

    ඒ අනුව, මේ සඳහා කිසිසේත්ම චක්‍රලේඛයක් නිකුත් කොට හෝ විධානයක්,නියෝගයක් හෝ ගැසට් නිවේදනයක් මේ වෙනුවෙන් නිකුත් කොට නොමැති බව ද අමාත්‍යවරයා විසින් මෙහි දී ප්‍රකාශ කරන ලදුව මෙම කරුණ මුල් කරගනිමින් විවිධ චෝදනා ඉදිරිපත් කිරීම, මඩ ප්‍රහාර එල්ල කිරීම කැබිනට් අමාත්‍යවරුන් වශයෙන් හෙළා දකින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේය.

    ශ්‍රී ලංකාවට වඩා වැඩි විශාල ආර්ථික ශක්තියකින්, සම්පත් වලින් හෙබි, තාක්ෂණයෙන් යුතු රටවල් COVID -19 වෛරසය හමුවේ විශාල ආර්ථික අවපාතයකට මුහුණ දෙමින්, මරණ විශාල සංඛ්‍යාවක් වාර්තා වෙමින් තිබෙන විටෙක ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගන්නා ආකාරයට අවම මරණ පවත්වාගනිමින් වෛරසය සාර්ථකව මර්දනය කරගෙන යන රටක් ලෙස ශ්‍රී ලංකාව කටයුතු කරගෙන යන බවත්, එවැනි තත්ත්වයක් තුළ මෙරට ආර්ථිකය නවතා තැබීමට රජයක් වශයෙන් රජයට මුදල් ලබා ගැනීම සිදු කරනු ලබන්නේ මහජනයාගෙන් ලබා ගන්නා බදු මුදල් වලින් වන අතර මේ වන විට එම මුදල් ලබා ගැනීමට නොහැකිව පවතින බවත් මෙහි දී සඳහන් විය.

    මේ වන විට රජයට අදායම් ලබා දෙන ප්‍රධාන ආයතනයන් වන දේශීය අදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව හා රේගු දෙපාර්තමේන්තුව මඟින් එකී අදායම් රජයට නොලැබී ගොස් ඇත. එනම්, පවත්නා තත්ත්වය හේතුවෙන් ආනයන අපනයන සීමා කිරීම්, සුරා සල් වසා දැමීම මෙන්ම කර්මාන්ත ශාලා වස දැමීම/ව්‍යාපාර නවත්වා ඇති විටෙක භාණ්ඩ හා සේවා මත පනවන බදු හා VAT අයකර ගත නොහැකි වීම යනා දී කරුණු හේතුවෙන් මෙකි අදායම් රජයට නොලැබේ.

    කෙසේ වුව ද, කොරෝනා වෛරසය මර්දනය මෙන්ම එදිනෙදා කටයුතු කරගෙන යාම වෙනුවෙනුත් එනම් රාජ්‍ය සේවකයින්ට ලබා දිය යුතු වැටුප්, විශ්‍රාම වැටුප් ගෙවීම්, රාජ්‍ය ණය සඳහා ගෙවිය යුතු පොළී, සමෘද්ධි සහනාධාර ඇතුළු අනිකුත් දේ මෙන්ම, විදේශ ණය වාරික හා පොළී ගෙවීම් යනා දී වූ වියදම් රජය විසින් දැරිය යුතු වේ.

    එමෙන්ම, ඇගළුම් අපනයනය කිරීම සහ සංචාරක ක්ෂේත්‍රය ඇනහිටීම හේතුවෙන් රජයට විශාල වශයෙන් ව්දේශ විනිමය ලැබී යාම ද නැවතී තිබෙන නිසා විදේශ ණය වාරික හා පොළී ගෙවීම් වෙනුවෙන් විශාල අර්බුදයකට රජය මුහුණ පා ඇති බවත්, රාජ්‍ය මුල්‍ය කළමනාකරණය ද අසීරු කර්තව්‍යක් බවට පත්ව ඇති බවත් බන්දුල ගුණවර්ධන මහතා තවදුරටත් කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේය.

    රාජ්‍ය නිලධාරීන් දඬයම් කිරීමයි රණවිරු දඬයමටයි පසුගිය රජය වාර්තාවක් පිහිටුවා තිබෙනවා.ජනාධිපති ලේකම්වරු අමාත්‍යාංශ ලේකම්වරු රාජ්‍ය නිලධාරීන් ගෙනැල්ලා බංකුවේ වාඩි කරලා  පසුගිය රජය දෙන්න පුළුවන් සියලු දස වද දුන්නා. මේ රජය එසේ කරන්නේ නෑ.අපි රාජ්‍ය සේවය සුරක්ෂිත කොට පෝෂණය නොකළා නම් මේ ව්‍යවසනයෙන් අපි කාටවත් බේරෙන්න හම්බ  වෙන්නේ නෑ.අපේ මතක බණත් එවරයි මේ වනවිට. අපේ ජීවිතවලට අත්වෙන්න තිබුණු ඉරණම එකයි.ඒ නිසා රාජ්‍ය සේවක දඬයම හා රණවිරු දඬයම අප කරන්නේ නෑ.ඒ නිසා රජය සහ  ජනාධිපතිතුමා ගැන උපරිම විශ්වාසයෙන් තමයි,රාජ්‍ය සේවකයින් වැඩකරන්නේ. අපි ඔවුන්ව රකිනවා.ඒ ගැන කිසිදු අවිශ්වාසයක් තියා ගන්න එපා යැයි ද අමාත්‍යවරයා පැවසීය

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya