වර්ග අඩි 3300 ක බිම් ප්‍රමාණයක, කාමර 16 කින් යුතු මෙම හෙද නේවාසිකාගාරය තුල හෙද නිලධාරින් 32 කට නේවාසික පහසුකම් සළසා ගත හැක. ගෘහ භාණ්ඩ ඇතුලු අනෙකුත් සියළු පහසුකම් වලින් ද මෙම හෙද නේවාසිකාගාරය යුක්ත වේ.
COVID-19 ගෝලීය වසංගතය ශ්‍රී ලංකාවේ ද ආසාදනය වන අවස්ථාවේ ඊට මුහුණදිම පිණිස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පිහිවනු ලැබූ COVID-19 වසංගත පාලන කාර්ය සාධන බලකායේ රැස්විමක දී අංගොඩ බෝවන රෝග විද්‍යායතනය වෙත හෙද නේවාසිකාගාරයක අවශ්‍යතාව මතු වූ මොහොතේ ඒ සදහා අවශ්‍ය පහසුකම් ලබාදීමට එම බලකායේ සාමාජික හිටපු යුධ හමුදාපති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන් සභාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ මැදිහත් වන ලදි. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි කොළඹ රාජකීය විද්‍යාලීය ආදි ශිෂ්‍යයින්ගේ East Cost පදනමේ ලේකම් සේනක සෙනෙවිරත්න මහතාගේ සම්බන්ධීකරණයෙන් එම සංගමයේ සභාපති වෛද්‍ය සුකුමාර් නාගේන්ද්‍රන් මහතාගේ රුපියල් මිලියන 15 ක මූල්‍ය ප්‍රදානය මත මෙම අංග සම්පූර්ණ හෙද නේවාසිකාගාරය ඉදිකිරිමට පියවර ගෙවන ඇත. මේ සදහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂ (තාක්ෂණ) සුසන්ත අබේසිරිවර්ධන මහතා ඇතුලු එම කණ්ඩායමේ පූර්ණ තාක්ෂණික දායකත්වය ද එහි ප්‍රධාන ඉංජිනේරු (සිවිල්) සමන් දේවප්‍රිය මහතා ඇතුලු වඩු කර්මාන්ත ශාලාවේ සේවක මහතුන්ගේ පූර්ණ දායකත්වය ද සපයා ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ නියෝගය පරිදි එයාර් වයිස් මාර්ෂල් රුචිර සමරසිංහ සහ වින්ග් කමාන්ඩර් ක්‍රිෂාන්ත හේවාපතිරණ ඇතුළු වීරෝධාර ගුවන් විරුවන්ගේ ශ්‍රම දායකත්වය ද මෙම නේවාසිකාගාරය ඉදිකිරිම සදහා ලබාදෙන ලදි. ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු LHP Eco පුද්ගලික සමාගම විසින් සිදු කර ඇත.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය - “IDH රෝහල අපේ රටට තිබෙන විශාල සම්පතක්. එහි අධ්‍යක්ෂතුමා සියළු කණ්ඩායම් ඒ්කරාශි කරගෙන ලබාදෙන නායකත්වය අතිවිශාලයි. කෙදිනක හරි මේ රටේ COVID-19 පැරදුවේ කොහොමද කියලා කථාව ලියන කොට පළමුව අතිගරු ජනාධිපතිතුමාගේ නම සහ අගමැතිතුමාගේ නම ලියවෙන්නට ඔිනි. එතුමා ජාතික නායකත්වයක් ලබාදුන්නා. හැමවෙලේම විශේෂඥ වෛද්‍ය මතයට කන්දෙමින් තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියට එතුමා සහ අගමැතිතුමා කටයුතු කරපු නිසා තමයි තවමත් ජනතාව අතර මේ වෛරසය පැතිරීම වළක්වා ගැනීමට හැකිවී තිබෙන්නේ. ඊලගට වීරයෝ විදිහට පදක්කම් දෙන්න ඔිනි නම කියවෙන්නේ නැති මේ වැඩේ හරියටම කරපු IDH රෝලේ විශේෂඥ වෛද්‍යතුමන්ලා, වෛද්‍යවරු, හෙදියන්, පරිපුරක වෙවද්‍ය සේවා ඇතුලු සියළු රෝහල් කාර්ය මණ්ඩලයටයි. පළමු රෝගියා පැමිණි වෙලාවේ සිට විටෙන් විට මම මේ රෝහලට පැමිණියේ රෝහල් කාර්ය මණ්ඩල ධෛර්යමත් කිරිමටයි. මම කියන්නේ ඔවුන් මිහිපිට දෙවිවවරු කියලයි. සෞඛ්‍ය සේවය හදනවා නම් අපි මේවාට තමයි ගරු කරන්න ඔිනි. මේ කාර්ය මණ්ඩලවලට තමයි ගරු කරන්න ඔිනී. සෞඛ්‍ය ක්ෂේත්‍රය එහෙම වුනොත් ඉදිරියට ගෙන යා හැකියි. නිවෙස් වලට නොගොස් විශාල කැපකිරීම් කර, මානසික පීඩනය මැද ඔවුන් සේවාවන් කළා. මේක තමයි අන් සන් හීරෝස්ලාගේ කථාව.”
දෑත් පිරිසිදු කර ගනිමින් සමාජ දුරස්ථභාවය තබාගනිමින් කටයුතු කළා නම් මේ ලෙඩේ ව්‍යාප්ත වෙන්නේ නැහැ. කෙටි කලකින් මුළු ලෝකයම බිලිගත් මෙම රෝගයට බය නැතිව මුහුණ දෙන ශ්‍රී ලාංකීය ගුණය අපි මේ රෝහල තුලින් දැක්කා. අපේ රටේ තිබෙන එම ගුණය ලෝකයට පෙන්නපු, රටේ ජනතාව ආරක්ෂා කළ ඔබට අපේ ස්තූතිය පුද කරනවා. රටේ සියළු ජනතාව මගේ දරුවෝ කියන නායකයෙක් අද අපට ඉන්න නිසා මේ රටේ අනාගතය සුන්දර වෙයි. අද තිබෙන මේ තත්ත්වය රටෙන් දුරු වෙන්න කියලා අපි අධිෂ්ඨාන කරනවා. අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ එය අපට සිදු කළ හැකියි. අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට නැගිටිනවා. සුකුමාර් නාගේන්ද්‍රන් මහතාගේ මෙම පරිත්‍යාගය අපි රටක් වශයෙන් අගය කරනවා.”
මෙහිදී අදහස් දැක් වූ අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා - “කොව්ඩි 19 අධි වසංගත තත්ත්වය තුල ජාතික බෝවන රෝග විද්‍යායතනය මාතෘ භූමිය වෙනුවෙන් තිරණාත්මක කාර්යභාරයක් සිදු කරනු ලැබුවා. වෙනත් සියලු වසංගත රෝග සම්බන්ධයෙන් කේන්ද්‍රස්ථානය වශයෙන් කටයුතු කිරිම හේතුවෙන් අප ප්‍රතිකාර කිරීමට පමණක් සීමා වූ ආයතනයක් නොවෙයි. මෙම රෝහලේ හෙද නිලධාරීන් 150 ක් පමණ සේවය කරනවා. එම නිලධාරීන්ට නවාතැන් දීමට අපට මෙතෙක් තිබුනේ හෙද නිලධාරීන් 30 කට පමණ නවාතැන් ගත හැකි නේවාසිකාගාරයක්. අධිවසංගත තත්ත්වය තුල අපට ඇති වූ කාර්ය මණ්ඩලයට නවාතැන් ඇතුලු නොයෙක් ගැටලු වලට මුහුණ දෙන්න සිදු වුණා. නේවාසික ගැටළුව අපට විශාල ලෙස දැනුනා. අවසානයේ ජනාධිපති කාර්ය සාධන බලකායේ දී මේ පිළිබද කථා වෙලා එහි ප්‍රතිඵලයක් ලෙස අද අපට මෙම නව හෙද නේවාසිකාගාරය ලැබී තිබෙනවා. අධිවසංගත තත්ත්වයෙන් විශාල කාර්ය භාරයක් සිදු කළ හෙද නිලධාරිනියන් වෙනුවෙන් මෙම පහසුකම් සැපයීම විශාල අස්වැසිල්ලක් වෙනවා. මෙම නේවාසිකාගාරය සියළු අංගයන්ගෙන් සම්පූර්ණයි. මේ ගොඩනැගිල්ල එක්විමත් සමගම අප සේවා ධාරිතාවය කිහිප ගුණයකින් වැඩි වෙනවා.”
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් භද්‍රාණි ජයවර්ධන මහත්මිය, හෙද අධ්‍යක්ෂිකා (වෛද්‍ය සේවා) එම්.බී.සී සමන්මලී මහත්මිය, හිටපු යුධ හමුදාපති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන් සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා, ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් එයාර් වයිස් මාර්ෂල් රුචිර සමරසිංහ මහතා, East Cost පදනමේ සභාපති වෛද්‍ය සුකුමාර් නාගේන්ද්‍රන් මහතාගේ පවුලේ සාමාජිකයින්, අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.