මාර්තු 14, 2025
tami eng youtube  twitter facebook

    ඉන්දියාවේ චෙන්නායි නුවර සිටින පුද්ගලයන් 479 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රැගෙන නියමිතයි- සෑම ශ්‍රි ලාංකිකයෙක්ම කළ යුත්තේ කොයිඩ් ආසාදිතයෙකු නොවන ආකාරයෙන් කටයුතු කිරිමයි

    මැයි 12, 2020

    ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රි ලංකන් ගුවන් යානාවක් මඟින් ශ්‍රි ලාංකිකයන් හා සිසුන් ඇතුලු 274 දෙනෙක් හා මැලේසියාවේ රැඳි සිටි ශ්‍රි ලාංකිකයන් 178 දෙනෙක් ඇතුලු ⁣මෙම  රටවල් දෙකෙන් පුද්ගලයින් 450දෙනෙක් ශ්‍රි ලංකා රජය විසින් මෙරටට ගෙන්වනු ලැබු බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

     

    මෙම ගෙනවනු ලැබු සියලු දෙනාම ශ්‍රි ලංකා යුධ හමුදාව යටතේ නිරෝධායනයට ලක් කිරිමට කටයුතු කරනු ලැබු බව පැවසුවේ ඊයේ (11) මාධ්‍යවෙත අඳහස් දක්වමිනි.

    (12) දිනයේ දී ශ්‍රි ලංකා රජය විසින් ශ්‍රි ලංකන් ගුවන් යනාවක් මඟින් ඉන්දියාවේ චෙන්නායි නුවර සිටින පුද්ගලයන් 479 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රැගෙන නියමිත ව ඇත. ත්‍රිවිධ හමුදාව
    විසින් පවත්වාගෙන යනු ලබන පුනානි,ඉරනමඩු හා නාවික හමුදාවේ නිපුන යන ස්ථානන මඟින් පුද්යලගයින් 279 දෙනෙක් නිරොධාන ක්‍රියාවලිය හා PCR පරික්ෂණ නිමාකිරිමෙන් පසුව
    ඔවුන්ට කොයිඩ් -19 වෛරසය ආසාදනය වි නොමැති බව තහවුරු වු බැවින් නිවෙස් කරා පිටත් කර හැරීමට කටයුතු කෙරිණි.

    මේ අනුව ශ්‍රි ලංකා තුළ ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යනු ලබන නරෝධාන මධ්‍යස්ථාන මගින් පුද්ගලයින් 7391 දෙනෙකු මේ දක්වා නිරෝධායන වි නිවෙස් කරා ගොස් තිබේ.මේ වන විට
    නිරෝධායන මධ්‍යස්ථාන 39 ක 3805 තවදුරටත් නිරෝධායන වෙමින් සිටියි.

    මේ වන විට සමාජ ජාල වෙබ් අඩවිවල සදහන් වන පරිදි COVID-19 මර්දන ක්‍රියාවලියෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ඉවත් නොවි ඇති බවත් එය සම්පුර්ණ අසත්‍ය බවත් හමුදාපතිවරයා
    අවධාරණය කරයි.

    නාවික හමුදාවේ වීරෝධාර රණ විරුවන් යම් ප්‍රමාණයක් ආසාදනයට ලක් වුවද, කොවිඩ් මර්දන ක්‍රියාවලිය සඳහා තවදුරටත් සක්‍රියව දායක වන බවත් කීය.

    මැයි (11) දිනයේ සියලු දිස්ත්‍රික්කවල රජයේ හා පෞද්ගලික ආයතන ආරම්භ කරනු ලැබූ අතර විශේෂයෙන් කොළඔ හා ගම්පහ දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය රදවා ගෙන යන අවස්ථාවේ දී යම්
    යම් නීති රීති වලට අනුකුලව තවදුරටත් පවත්වාගෙන යනු ලබයි. එමෙන් ම රජයේ හා පෞද්ගලික ආයතන ප්‍රධානීන්ට එම ආයතන පවතවාගෙන යන ආකාරය, යා යුතු සංඛ්‍යාව කුමක්ද,කී
    දෙනෙක් ද යන්න විශාල ලෙසින් පසුගිය සති දෙක පුරාවට ම ලබා දුන් අතර අපි බලාපොරොත්තු ⁣වන්නේ එම ආයතන ප්‍රධානීන් එම සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව එම ආයතන
    පවත්වාගෙන යනු ඇති බවයි.

    මෙම සතිය ඉතා වැදගත් බව පැවසු හමුදාපතිවරයා ,රැකි රක්ෂා කරන පුද්ගලයින්ගේ ද විශාල වගකීමක් ඇති බව ද කීය.එසේ ම රැකියාවට පැමිණීම හා නිම වී ආපසු නිවස කරා යන කාල
    සීමාවේදි එම සෞඛ්‍ය උපදෙස් නිසි ආකාරයෙන් පිළි පැඳිය යුතුයි.එසේම ශාරිරික දුරස්ථභාවය තබා ගනිමින් කටයුතු කිරිම ඉතාම වැදගත්.හැම ශ්‍රි ලාංකිකයෙක්ම කළ යුත්තේ කොයිඩ්
    ආසාදිතයෙකු නොවන ආකාරයෙන් කටයුතු කිරිම බවද හමුදාපතිවරයා වැඩිදුරටත් කීය

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya