ඒ මහතා මේ බව පැවසුවේ කොවිඩ් වසංගත සමයේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ දායකත්වය සහ ඉදිරියේදී ලබා දෙන දායකත්වය පැහැදිලි කිරීම සඳහා (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිණි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවේ ,
පාසල් , විශ්ව විද්‍යාල , වෘත්තීය පුහුණු ආයතනයන්ගේ ඉගෙනුම ලබන මෙරට හැටපන් ලක්ෂයක් පමණ වූ ශිෂ්‍ය ප්‍රජාව මෙම කාලසීමාව පළදායී ලෙස යොදා ගන්නා ආකාරය සහ දරුවන් අධ්‍යාපන කටයුතු සඳහා නැඹුරු කරන ආකාරය පිළිබඳව අපි සොය බැලුවා. ජනාධිපති කාර්ය සාධක බලකාය ඇතුළු විද්වතුන් එක්ව ඒ පිළිබඳ සාකච්ඡා කළා. සෑම දරුවකුටම සූම්,වට්ස්ඇප් වැනි තාක්ෂණය යොදා ගනිමින් අන්තර්ජාලය ඔස්සේ දුරස්ථ අධ්‍යාපනය ලබා දීමට අපි පියවර ගත්තා.
අද වන විට සතුටුදායක ලෙස එම තාක්ෂණික මෙවලම් ඔස්සේ සාර්ථක ප්‍රථිපල ලබා තිබෙනවා. මෙම අත්දැකීම් ඔස්සේ ඉදිරියේදී දරුවන් වැඩි ප්‍රමාණයකයකට උසස් අධ්‍යාපන වරම් ලබා දෙන්න කටයුතු කරනවා.
වසංගතය හමුවේ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් , විශ්ව විද්‍යාල සිසුන් මෙන්ම පාසල් දරුවන් හරහා නවෝත්පාදන රැසක් බිහි වීමද නව ප්‍රවණතාවක් බව අනුර දිසානායක මහතා කීය. ඒ අනුව නව නිපැයුම්කරුවන්ගේ කොමිසම වහාම මැදිහත් වී ඒ සඳහා අරමුදල් සම්පාදනය කරගෙන මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කළ අතර නිශ්චිතව හඳුනාගත් නව නිපැයුම් ගණන 180කි. එයින් නව නිපැයුම් 60ක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දායකත්වය ලබා දී තිබේ. මීට අමතවර නව නිපැයුම් යෝජනාවලි 112 ක් දැනට ලැබී තිබෙන අතර විද්වත් කමිටු ඒ පිළීබඳව අධ්‍යයනය කරමින් සිටී.
චීනයේ කොරෝනා වසංගතය ඇති වූ සමයේම ඒ සඳහා පෙර සූදානම මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ඇති වූ බවත් සියළුම බුද්ධිමය දේපළ නිර්මාණය කරන ආයතනය වශයෙන්
පර්යේෂණාගාර පහසුකම්, පර්යේෂකයින් ඇතුළු සියළුම දායකත්වය ඒ ස ඳහා ලබා දුන් බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය. නිරෝධායන මධ්‍යස්ථාන සඳහා ද විශ්ව විද්‍යාල නේවාසිකාගාර පහසුකම් ලබා දෙමින් උසස් අධ්‍යාපන අමාත්‍යංශය තම දායකත්වය ලබා දුන් බවද අමාත්‍යංශ ලේකම්වරයා පැහැදිළි කර සිටියේය.
මෙම මාධ්‍යහමුවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු විද්වතුන් පිරිසක් එක්ව සිටියහ.