මාර්තු 14, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ප්‍රතිසංවිධාන කටයුතු තහවුරු කිරීමේ ස්වාධීන නිරීක්ෂණ කණ්ඩායමක්

    මැයි 12, 2020

    මැයි 11 (සඳුදා) ඊයේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවක සංචාරයක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ දිවයිනේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන රැසක භෟතික සහ මානව සම්පත් සංවර්ධනයට දෙවන වටයටත් ලෝක බැංකු මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට නියමිතය.

    එම ප්‍රතිපාදන නිදහස් කිරීම සදහා පලමු වටයේ රෝහල් 63 ක සිදුවූ වැඩ කටයුතුවල ප්‍රගතිය සොයා බැලීමට ස්වාධීන නිරීක්ෂණ කණ්ඩායමක් මැයි 11 (සඳුදා) සිට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවක සංචාරය කෙරේ

    එම ප්‍රගති වාර්තාව අනුව මීලඟ ප්‍රතිපාදන ප්‍රමාණය ශ්‍රී ලංකාවට නිකුත් කරනු ඇත.කොවිඩ් -19 ගැටළුව මතුවීමට පෙර සැලසුම් කට තිබුනු පරිදිම මෙම ප්‍රගති සමාලෝචන ක්ෂේත්‍ර චාරිකාව සිදුකෙරේ. එහෙත්
    මේ වන විට කොවිඩ් -19 රෝගයට අදාලව දිවයිනේ ක්‍රියාත්මක විශේෂ නීති රීති හා ලබාදී තිබෙන සෞඛ්‍ය උපදෙස් අනුව මෙම නිරීක්ෂණ කණ්ඩායම සිය සංචාරය සිදු කරනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේ ය.


    ලෝක බැංකුවේ ශ්‍රේණිගත කිරීම් අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය ආසියානු කලාපයේ ක්‍රියාත්මක හොඳම ව්‍යාපෘතියක් ලෙස ඇගයීමට පාත්‍ර වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya