මාර්තු 14, 2025
tami eng youtube  twitter facebook

    සේවා ස්ථානවල කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමට පෙර සූදානම හා ප්‍රතිචාර දැක්වීම සදහා වන මෙහෙයුම් මාර්ගෝපදේශන මාලාවක්

    මැයි 12, 2020

    කොරෝනා (කොවිඩ් 19) වෛරසය පැතිරයාම පාලනය කිරීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව (11) දිනයේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී රැස්විය.

    මෙම විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිළධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනෙකු නියෝජනය කරන අතර දින දෙකකට වරක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වේ.

    මැයි (11) රට විවෘත කිරීමත් සමග කොවිඩ්-19 ව්‍යාප්ති පාලනය කිරීමේ අරමුණින් සේවා ස්ථානවල කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමට පෙර සූදානම හා ප්‍රතිචාර දැක්වීම සදහා වන මෙහෙයුම් මාර්ගෝපදේශන මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙහිදී හදුන්වා දෙන ලදි. සම්ප්‍රේශණය විය හැකි ක්‍රම, සාමාන්‍ය මාර්ගෝපදේශය, විශේෂිත මාර්ගෝපදේශය ( නිෂ්පාදන කර්මාන්තය, රාජ්‍ය හා පෞද්ගලික කාර්යාල, සත්කාරක කර්මාන්තය, අවන්හල් සහ ආහාර වෙළෙද සැල්, සුපිරි වෙළෙද සැල්, පොදු ප්‍රවාහනය, සත්කාරක අවස්ථා, ආර්ථික මධ්‍යස්ථාන, විශ්ව විද්‍යාල, ඉදිකිරීම් කර්මාන්තය) තාවකාලිකව තහනම් කළ අංශ ගත යුතු උපදෙස් හා ක්‍රියාමාර්ග පිළිබදව සවිස්තරාත්මක එම මාර්ගෝපදේශණ මාලවේ කරුණු ඇතුලත් කර ඇත.

    එමෙන්ම කොවිඩ් - 19 ප්‍රතිකාර සේවාවන්ට අදාලව සිදු කරන පරීක්ෂණ සදහා අවශ්‍ය ආරක්ෂිත ඇදුම් කට්ටල හිඟයකින් තොරව ඇති බවත් අනාවරණය වූ අතර, PCR පරීක්ෂණ කටයුතු සදහා අවශ්‍ය වෛද්‍ය උපාංග ලබාගැනීම සදහා ආසියානු සංර්ධන බැංකුව, ලෝක බැංකුව, ගොලීය අරමුදල වැනි ව්‍යාපෘති වලින් මුල්‍ය ප්‍රතිපාදන ලබාගැනීම පිළිබදව සාකච්ඡා කෙරිනි.

    විශේෂයෙන්ම නාගරීකරණය වූ හා ජනාකීර්ණ ප්‍රදේශයන් වල පසුගිය වසර පුරාවටම ඩෙංගු රෝගීන් ව්‍යාප්තවීමෙී ප්‍රවනතාවක් පෙන්නුම් කර ඇති බවත් , රෝගීන් වැඩි සංඛ්‍යාවක් වසර මැද හා නිරිත දිග මෝසම් වැසි ආශ්‍රිතව ද, වසර අගදී ඊසාන දිග මෝසම් වැසි සහිත කාලගුණය ආශ්‍රිතවද වාර්තා වී ඇති බව පසුගිය සංඛ්‍යාලේඛන පිරික්සිමේ දී අනාවරණය වන බව ද අමාත්‍යතුමිය මෙහිදී පෙන්වා දෙන ලදි. එබැවින් ඩෙංගු රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට අදාලව ද ප්‍රධාන වශයෙන් සාකච්ඡා විය.

    මෙම අවස්ථාවට විශේෂ කාර්ය සාධන සමාලෝචන කමිටුව නියෝජනය කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල් වෛද්‍ය පබා පලිහවඩන යන මහත්ම මහත්මීන් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු නිළධාරීන් පිරිසක් සහභාගි විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya