මාර්තු 14, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලු නිර්දේශවලට අනුකූලව අධ්‍යාපන අමාත්‍යාංශ‍ය කාර්යාල සේවා අරම්භ කරයි

    මැයි 12, 2020

    රට තුළ මතු වූ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු 16 වැනිදා සිට රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ සංස්ථා මෙන්ම පෞද්ගලික අංශයේ බොහෝ ආයතන ද තාවකාලිකව වසා දමා තිබූ අතර, ගෙවි ගිය කාලය තුළ බොහෝ රජයේ නිලධාරීන් නිවෙස් ගතව රාජකාරි කටයුතු කිරීමෙහි යෙදුණි.

    මැයි11 සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත, වෛරස ව්‍යාප්තිය පාලනයට අනුගත වන අයුරින් රජයේ අමාත්‍යංශවල නිලධාරීන්ට ආයතන ප්‍රධානීන්ගේ පූර්ව දැනුම් දීම් අනුව සේවය සඳහා වාර්තා කිරීමට අවස්ථාව සලසා තිබේ.

     

    ඒ අනුව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් පරිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අවසරය මත ප්‍රමුඛ සේවා අවශ්‍යතා සහිත බවට කැඳවීම් කරන ලද සියලු නිලධාරීන් මැයි (11) සේවයට වාර්තා කරන ලදී.

    රජයේ සේවකයින් නැවත සේවයට කැඳවීමේදී අමාත්‍යාංශ විසින් අනුගමනය කළ යුතු බවට සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදී තිබූ උපදෙස් අනුව අදාළ සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් සහ උපකරණද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සම්පාදනය කර ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya