මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    ඇඳිරි නීතිය තවමත් ක්‍රියාත්මක දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල ආසන ගණනට මගීන් ප්‍රවාහණයට අද දින සිට

    මැයි 13, 2020

    ඇඳිරි නීතිය තවමත් ක්‍රියාත්මක දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල දුම්රියේත් ආසන ගණනට මගීන් ප්‍රවාහණයට අද දින සිට අවසර ලබා දීමට තීරණය කරයි.

    ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව රාජ්‍ය හා පුද්ගලික අංශයේ රාජකාරි සඳහා වාර්තා කරන සේවකයින් සඳහා ප්‍රවාහන සේවා විදිමත් කිරීම සම්බන්ධව (12) දින විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අදාළ සියලු අංශ සමග සාකච්ඡා කළේය.

     

    විශේෂයෙන් ආසන ගණනට මගීන් ප්‍රවාහනය කිරීමේ දී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට එම තීරණය අද දින (13) ක්‍රියාත්මක කිරීමට තාක්ෂනික ගැටලු ඇත්දැයි අමාත්‍යවරයා දුම්රිය බලධාරින්ගෙන් විමසා සිටියේය. ඔවුන් කියා සිටියේ තමන්ට එවැනි ගැටළුවක් නොමැති බවත්, ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කටයුතු ද හෙට සිට ආරම්භ කළ හැකි බවයි. ඒ අනුව මෙම තීරණය හෙට දින සිටම ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා තීරණය කළේය.

     දැනට ඇදිරි නීතිය ක්‍රියාත්මක වන කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල හැර දිවයිනේ සෙසු සියලුම දිස්ත්‍රික්කවල දුම්රියේ ආසන ගණනට මගීන් ප්‍රවාහනය සඳහා අවසර ලබා දෙන අතර එහිදී ද ප්‍රමුඛත්වය ලබා දෙනු ලබන්නේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවා සඳහා අදාළ වැඩබිම්වලට සේවය වාර්තා කරන පිරිස් සඳහා පමණි.


     සාමාන්‍ය මගී ජනතාවට ප්‍රවාහන සේවා සේවා සඳහා දුම්රිය යොදා ගැනීමේ දී දී අත්‍යවශ්‍යම කාරණා සඳහා පමණක් සීමා කරන අතර, අනවශ්‍ය ගමන් බිමන් සඳහා ප්‍රවාහණ සේවා යොදා ගැනීමට කටයුතු නොකර ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.


     දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මෙන්ම වාර ප්‍රවේශ පත්‍ර නොමැති අයට ටිකට්පත් නිකුත් කිරීම ද හෙට දින සිට ආරම්භ කෙරෙන අතර ඔවුන් සේවය කරන ආයතනයේ හැදුනුම් පත ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.


     සාමාන්‍ය මගී ජනතාව වෙත කෙරෙන නිවේදනය නම් කොවිඩ් 19 වසංගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් අනුව අත්‍යවශ්‍යම කටයුත්තකට හැර පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කිරීමට කටයුතු නොකළ යුතුය යන්නයි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya